IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සතියක් දරුවන් පාසල් නොයවන්න මව්පියෝ තීරණයක

(ප්‍රින්ස් රත්නායක)
 

දෙවැනි පාසල් වාරය හෙට (6) ආරම්භ කළත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලට දරුවන් සතියක් යන තෙක් නොඑවීමට දෙමව්පියෝ තීරණය කළහ. 

පවතින ආරක්ෂක වාතාවරණය යටතේ 6 වැනිදා සිට දරුවන් පාසල නොඑවීමට සියලු දෙමව්පියන් තීරණය කර තිබේ. 

පැය තුනකට ආසන්න කාලයක් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  අද (5) පැවති දෙමව්පිය රැස්වීමේ දී සාකච්ඡා කළ අතර එහිදී සියලු දෙනාගේ එකඟතාවයෙන් දරුවන් පාසල් නොඑවීමට තීරණය කර ඇත.   

මෙම කාලය තුළ පාසලේ පිළිසකර කළ යුතු ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමටත් එම කාලය තුළ පවතින ආරක්ෂිත වාතාවරණය අනුව දරුවන් පාසලට එවීමටත් කටයුතු කරන බව දෙමාපියෝ පවසති.

එතෙක් පාසලේ ශ්‍රමදාන හා විවිධ ආරක්ෂක වැඩපිළිවෙළක් පරිශ්‍ර තුළ ක්‍රියාත්මක කිරීමට  එකඟ විය.



අදහස් (3)

සතියක් දරුවන් පාසල් නොයවන්න මව්පියෝ තීරණයක

රජින්ද Sunday, 05 May 2019 10:57 AM

පවතින රජය ගැන ජනතා බලාපොරොත්තු සුන් වී අළුවී ගොස් ඇති බවට හොඳම උදාහරණය මෙයයි. රට අස්ථාවර කරවීමේ පාපය මේ සියළුම දේශපාලුවන් දැරිය යුතුය.

:       0       2

ගල්කටස් Sunday, 05 May 2019 11:05 AM

හැම දෙමාපියන්ම හෙට දරුවන් පාසල් යවන්න කැමති නැහැ. නමුත් ඒක රජයට තේරෙන්නෙ නැහැ. එක එක ඇමතිලා කිව්වට වැඩක් නැහැ ජනාධිපතිතුමා හා අගමැතිතුමා එකට එකතුව කෙලින් පවසන්න ර⁣ට ආරක්ෂිතයි දැන් කිසි කරදරයක් වෙන්නෙ නැහැ කියලා එවිට අපි සලකා බලන්නම්. නැතුව වක්කඩ කැඩුවා වගෙ කීවට අපි කොහොමද පිළිගන්නෙ?

:       0       2

W a s perera Sunday, 05 May 2019 12:34 PM

රජයෙන් ආරක්ෂාව තහවුරු කරන තෙක් අපි ළමයි එවන්නේ නැත.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 585 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1016 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site