සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් සිල්වා මහතා ඒ බව සඳහන් කර ඇතෙ
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායමේ කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් එක්ව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කළ සටහනේ මෙසේ ද දැක්වේ.
සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම නියෝජනය කරමින් කබීර් හෂීම් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා සහ මා අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුණ ගැසී ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අවධාරණය කළා.
වගකිව යුතු විපක්ෂයක් ලෙස රට පිළිබඳව අපිට වගකීමක් තිබෙන නිසා ආර්ථිකය හසුරුවන මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට අපගේ යෝජනා ඉදිරිපත් කළේ රට වෙනුවෙන්.
මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව අපගේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් එයින් මේ අර්බුදය විසඳා ගැනීමට මග පෑදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි මෙහිදී පෙන්වා දුන්නේ මෙම ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්‍රවශීලතා ගැටලුවක් යැයි මහ බැංකුව සිතා සිටියත් මෙය එසේ නොවන බවයි.
පවතින තත්ත්වය අනුව රට බංකොලොත් වීමේ අවධානමක් දක්වා මෙම ආර්ථික අර්බුදය දිග් ගැස්සී තිබෙන බවත් මේ නිසා මෙරට ණයවල තිරසාරත්වය විශ්ලේෂණය කර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුකළ යුතු බවත් අපි මෙහිදී අවධාරණය කළා.
කෙසේවෙතත්, මූල්‍ය අරමුදලට යෑමට මහ බැංකුව උනන්දුවක් දක්වන බවක් මෙහිදී පෙනුනේ නෑ. හදිසි ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සහ සැලසුමක් සිදුකර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අපි දැඩිව අවධාරණය කළා.
එසේම, මෙරට ආහාර උද්ධමනය 2019 නොවැම්බර් සිට 40% ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය ජනතාවට දරාගැනීමට නොහැකි නිසා එය වහාම පහළ දැමීමට පියවර ගත යුතු බවත් මා සඳහන් කළා.”
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සජබ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම මහා බැංකු අධිපති හමු වෙයි
SUNIL MILANO Wednesday, 09 March 2022 07:36 PM
ආර්ථික ඔස්තාර්ලා... 6.5ට තිබූ ආර්ථික වේගය 2කට බැස්සුවා. දැන් ආර්ථිකයක් ගැන කතා කරනවා.. අනේද කියන්නේ...?
Sanath KandyThursday, 10 March 2022 12:38 PM
දැන් ඍණ වෙලා තියෙන්නේ. මේ දෙගොල්ලන්ගෙම ආර්ථික ප්‍රතිපත්තිය රට වලපල්ලට ගෙන ගියා. අළුත් පිරිසකට රට භාර දීලා යන්න.
fairoos Wednesday, 09 March 2022 07:54 PM
මොනවා කළත් එච්චරයි... පම්පෝරි විතරයි.. ජාතිවාදයෙන් රට කරන්න බෑ කියලා.. දැන්වත් තේරෙයිද දන්නේ නැහැ...?
Bamunuarachchi Thursday, 10 March 2022 07:36 AM
සජබයේ ආර්ථික විසේස්ඥයෝද මේ මහා බැංකු අධිපති හමුවෙලා තිබෙන්නේ? කොයි රටේද මොන ආයතනේයේද මේ සජබයෝ ආර්ථික විසේස්ඥයෝ හැටියට සේවය කරලා තිබෙන්නේ? මස්කඩ කාරයෙකුත් ඉන්නවා දැක්කා.
Rohan Friday, 11 March 2022 02:38 PM
සියලුම රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය යොදන්න.. මගුල්, අවමඟුල්, දාන ගෙවල් එකී, නොකී සියලුම මගුල්වලට රජයේ වාහන යොදාගැනීම වහාම නවතා දැමීමට අවශ්‍ය නීති ගෙනෙන්න. යමෙකු ඒ සඳහා පාවිච්චි කළහොත් බලය දුන් නිලධාරීන් හා රියදුරු ඊට වගකිව යුතුයි.