IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

(ළහිරු හර්ෂණ) 
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජාතික  පෙරමුණේ ජනාධිපති  අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් අද (04) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි.
 

අමාත්‍යවරුන් වන  සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා යන  මහත්වරු සහ  පක්ෂයේ  ලේකම්  ෂර්මිලා පෙරේරා  මහත්මිය ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන්  කොමිසමට පැමිණ සිටියහ.


 



අදහස් (6)

සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

kim Friday, 04 October 2019 06:33 AM

මම විස්වාස කරන්නේ මේ දෙගොල්ලොන්ම නැති විකල්ප කණ්ඩායමකින් රටේ පාලනය බාරගත යුතු බවයි. නමුත් දැනට තත්වය අනුව සජිත් මේ ජනාදිපතිවරණය දිනන බව පෙනේ.

:       491       727

Upul Friday, 04 October 2019 08:12 AM

ඉතිහාසය නැවත පැමිණෙන බව දාර්ශනිකයකු වරක් පවසා තිබුන බව මතකයි. සජිත් මහතා බොහෝ දුරට දිනන්න ඉඩ ඇතැයි මටත් හිතෙනවා. ප්‍රශ්නය එය නොවෙයි. සජිත් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ මුස්ලිම් නායකයින් ලොකු කාර්‍ය බාරයක් සිදු කරන බැවින් ඔවුන්ව සතුටු කිරීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සජිත් මහතාට සිදු වේවි. (ඔහුගේ පියා එල්.ටී.ටී.ඊ එකට ආයුධ සැපයූ බව අමතක නොකරන්න ) මෙම දේශපාලකයින් සතුටු කිරීමට යන ගමන පිලිබඳව බහුතර සිංහල සමාජය අකමැති බව සිහියට ගන්න. එම අකමැත්ත දකුණේ සිංහල ජනතාව ආයුධ අතට ගැනීමක් දක්වා වර්ධනය වුවහොත් රට නැවත අරාජිකත්වයක් කරා ගමන් කරනු ඇත.සමහර විට කැරලි වර්ධනය වීමට පොලීසිය ඉඩ හරීවි. (ප්‍රජාතන්ත්‍රවාදය ) රාජ්‍යය විරෝධී කැරලි මර්ධනය කිරීම සදහා රජය මගින් ක්‍රියාමාර්ග ගන්නා බැවින් නැවත 87-88 තත්ත්වයට සමාන තත්ත්වක් බිහිවීමට ඉඩ ඇත. මොහොතක් සිතන්න. ආර් ප්‍රේමදාස මහතා දුප්පතුන් අතර කොතරම් ජනප්‍රිය නායකයෙකු උවත් රාජ්‍යය ත්‍රස්තවාදය මුදාහැරීම තුලින් මියගිය දකුණේ ජනතාවගේ ජීවිත්වීමේ අයිතිය කඩ කල බවට වග කිව යුතු නොවේද ? ඉතිහාසය නැවත පැමිණේවි.

:       114       360

RaveendraFriday, 04 October 2019 09:08 AM

උපුල් මයා වෙත..., ඔබගේ විග්‍රහය ඉතාමත්ම නිවැරදි හා ඉතිහාසය අමතක කළ හැමෝටම එය නැවත මතක්කර දීම වැදගත් යයි අපගේ අදහසයි. අවාසනාවට පිල් බෙදී අප එකඑක බූරු පක්ෂවලට කඩේයාම නොවේද? තාත්ත බලයේ ඉන්නකොට කළ දේවල් හොඳින් දන්නා මිනිසුන් අද සමාජයේ එමටයි. "මිනිහ" හිතාගෙන ඉන්නේ ඔක්කොම මැරිලා අලුතෙන් ඉපදිලා ඉන්න බවයි. නැගෙනහිර නිරායුධව මියගිය පොලිස් නිලධාරින් පිළිබඳව සජිත්ගේ කියවීම කුමක්ද? අප මෙය කිහිපවිටක්ම ප්‍රසිද්ධියේ පැනයක් ලෙස විමසුවත් පාට කන්නාඩි පැළඳ සිටින මිනිසුන් ඒවා දකින්නේ අදාළ වර්ණය අනුවයි. අවසාන වශයෙන් සජිත්ගේ සහ සුළු පක්ෂවල එකඟතාවය ඇයි හෙළි නොකරන්නේ? එයට කිසිවකුට පිළිතුරු දියහැකි නම් අප අගය කරන්නෙමු.

:       21       167

Devinda Uduwara Friday, 04 October 2019 08:20 AM

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සලකා බැලීමේදී ගුණාංග ඇති පුද්ගලයෙකු සිටීම අත්‍යවශ්‍ය වේ.

:       0       2

sam Friday, 04 October 2019 10:29 AM

ඔය කිව්වේ ෆුට් නෝට් කියමනක්ද? පින්තූරේ උඩින්ම ඉන්නේ ෆුට් නෝට් කල්ලියේ සාමාජිකයන් නිසා එහෙම හිතුණා.

:       0       17

RaveendraFriday, 04 October 2019 11:44 AM

ඇත්තෙන්ම මහා උද්දච්ච සියල්ල දත් ෆුට් නෝට් හිඟන්නන් තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site