(චමිල් රූපසිංහ)
ආගමික මූලස්ථානයකින් ලබා දෙන ගෞරව නාමය ඉතා වැදගත් හා උසස් බවත් තම පියාගේ අඩිපාරේ යමින් කරනු ලබන ජාතික හා ආගමික සේවාව අගයමින් සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාර පාර්ශවය මගින් මෙවැනි ගෞරව නාමයක් පිරිනැමීම රජය මගින් පිරිනමන ගෞරව නාමයකට වඩා වැදගත් අවස්ථාවක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාර පාර්ශ්වය මගින් ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරි නැමීම අද (31) මල්වතු මහ විහාරයේ පැවැති උත්සවයකදී සිදුකෙරුණි.
සජිත් ප්‍රේමදාස මහතාට මෙම ගෞරව නාමය මල්වතු මහ විහාරය මගින් ලබා දීමට තීරණය කළේ ඔහුගේ චරිතය මෙන්ම ජනතා සේවය සැලකිල්ලට ගෙන බවත් ඔහුගේ පියාණන්ගේ අඩිපාරේ යමින් විශාල ජන මෙහෙවරක් සිදු කරමින් සිටින බවත් ආණ්ඩුවේ සාමාජිකයෙකු මෙලෙස ගෞරව නාමයකින් පිදුම් ලැබීම ආඩම්බරයට කරුණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.


COMMENTS
රට එකතු කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන් පිරිසිදු නායකයෙක්. ජය වේවා!
සත්‍ය වශයෙන්ම සජිත් මහතාට මෙම ගෞරව නාමය හිමිවීම සතුටට කරුණක්. එහි කිසි විවාදයක් නැහැ. එතුමා වැඩකරන හොඳ ඇමතිවරයෙකු බව සැවොම දන්නවා. ඒත්, ඡන්දය කිට්ටු මේ වගේ වෙලාවක මෙවැනි දේ කිරීම පූජ්‍ය පක්ෂය පක්ෂග්‍රාහී වීමක් යයි ඇතැමෙකුට සිතෙන්නට පුළුවන්... අනෙක් පක්ෂවලද සිටින හොඳ අය වෙනුවෙන්ද මෙවැනි යමක් කළා නම් එහි කිසියම් පොදුබවක් දැකීමට තිබුණා. මෙවැනි දේ හිට්ලර්ලා ඉල්ලන අයට ඇහේ කටු අනිනවා වගේ තියේවි...
පෙරහැර එන වග කස කරුවන්ගෙන් දැනේ. සාදු සාදු...!!!
මෙතුමාගේ පියා ජනපති වෙලා හිටපු කාලයේ, පංසල් ඇතුළු පුරාවිද්‍යා වැදගත්කමක් තිබූ ස්ථාන රැසකම හදිසියේම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද අතර, පසුව පුරා වස්තු විනාශ කිරීමක්/ පැහැරගැනීමක් සිදු වී තිබුණි. මෙම බොහොමයකට මූලිකත්වය ගත්තේ මෙතුමන් යැයි කටකථා රට පුරා පැතිර ගියේය. ඒ පිළිබඳව කිසිඳු පරික්‍ෂණකයක් හෝ සිදු නොවුණි. එවැනි චෝදනාවකට ලක්වූවකුට මෙවැනි ගෞරව සම්මානයක් පිරිනැමීම කොතරම් උචිතද? යන්න සැලකිය යුතු කරුණකි...
දැන් මහින්දට මේවා... දැකලා අාවේශ වෙන්න ගන්නවා.. කොහොම හරි බලය ගන්න බලයි. මල් වට්ටි ඉහේ කෙස් ගානට පූජා කෙරුවත් මේ වනතුරු කිසිම සම්මානයක් ලැබුනේ නැහැ. එයාගේ බේබිලා දෙන්නට... සම්මාන දෙන්න නුවර මාලිගාව ලග රේස් පැද්දට...
මේ වැඩේ අර මෙතුමාගේ නායකයාට දිගට හරහට පහර ගහන ගමන් මෙතුමා නග්ගලා තියන නාලිකාවේ සජීවීව හරි " බ්‍රේකින් නිවුස් " වශයෙන් හරි පෙන්නුවේ නැද්ද?
නිදන් හොරුන්න්ට මොන නම්බු නමද….
නායක හාමුදුරුවෝ ඔය සම්මානය දෙන්න ඇත්තෙත් උස මිටි බලල වෙන්න ඇති.
අර බැංකු මංකොල්ලයට ඇමතිවරු පත්කරපු අය, හොරසල්ලි අච්චු ගහල අහු උන ,හැමෝම මෙතන ඉන්නවා. හැබැයි හොර සල්ලි අහු උන වෙලාවේ බේරපු නායකයා විතරක් අඩුයි.
පියාගේ අඩිපාරේ ගියොත් අපේ කොල්ලන්ට ආයෙත් යටර් මාල එහෙමත් හම්බ වයෙි..
බුදු හාමුදුරුවෝ සඝ සසුන තුළින් බලාපොරොත්තු වූ සමාජ සත්කාරය අද කාලයේ ඇතැම් පාර්ශව තුළින් මෙවැනි කාරණා වලට විතරක් ලොප් වීම කණගාටුවකට කාරණයකි.
මල්වත්තෙන් නේ?...ලෝක විහිලුවක්...
මෙයා මේ වනවිට රටේ සංවර්ධනයට දායක උන්නේ කොහොමද කියලා කියන්න.
පන්සලෙන් දෙන නම්බුනාම පල්ලියටත් කෝවිලටත් වලංගුද?
හාමුදුරුවනේ ඔය වැඩක් නැති වැඩ කරන්නේ නැතිව. ඔය පිස්සෝ වගේ දඟලන හාමුදුරුවරු එකතු කරලා හොඳ ධර්ම දේශනා වැඩ පිළිවෙලක් කරලා . යහ මග යවන්න බලන්න . කැති උදලු ටිකක් අතට දීලා. ශ්‍රම දාන පවත්වන්න . අපරාදේ තරුණ ශ්‍රමය එලොවටත් මෙලොවටත් වැඩක් නැහැ .
නායක හාමුදුරුවන්ට වැරදුනවත්ද?
මොකටද හාමුදුරුවනේ මොවුන්ට ගෞරව නාම ? ඔවුන් කරන්නේ ඔවුනට කල යුතු රාජකාරියනේ?වරදක් වුනානම් සමාවෙන්න
කොහෙන්ද? මේවට හිනා වෙන්නේ ?
සජිත් මහතාට මෙම ගෞරව නාමය ලැබීම ඉතාම කලොචිතයි...... මොකද මෙතුමා දුප්පත් අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේ වැඩ පිළිවෙල ඉතාම සාර්ථකව කරගෙන යනවා. අනික් සියලුම දේශපාලුවෝ හොරකම් කරනකොට,මෙතුමා දුප්පතුන්ට යමක් කරනවා. ඉදිරි ජනාධිපති ඡන්දෙදි, ජනාධිපති අපේක්ෂකයාට සුදුසුම මෙතුමා පමණයි. මොකද...රටට හොර දේශපාලුවන්ගෙන් ලැබුණු අයහපත දැන් හොදටම ඇති.
ගිහියෝ බණ කියනවා ....පැවිද්දෝ දේශපාලනය කරනවා........සාදු සාදු...!!!
ඡන්දේ ලඟයි..... ඡන්දේ ලඟයි.......හා හා හා
පන්සල් වලත් පක්ෂ දේශපාලනය....
අර කිව්වත් වගේ නිදන් කැඩුවට වෙන්න ඇති මේ සම්මාන දෙන්නේ. මල්වතු නාහිමි දැන්මම ඡන්දෙට බැහැල වගේ යුඑන්පි ඇමතිලට නම්බුනාම දෙන්නේ. මුළු රටම දන්නා දෙයක් මේ හිමියන් යුඑන්පි පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නේ කියල. රට හදන්න නම් මෙවැනි පූජක වරුන්ගෙන් ඉස්සෙල්ලම රට බේරාගෙන ඉන්න ඕන. මම බෞද්ධයෙක් වුවත් අතිගරු මැල්කම් රන්ජිත් පිය තුමාගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ ඉතා අගය කරන්නෙමු. රටට ආදරේ ඇති හරි දෙය කථාකරණ, එවැනි පූජකතුමන්ලා අපේ රටට මහා සම්පතකි.
පියා වගේම රටට සේවය කිරීම අරමුණු කරගත් පුතෙක්…..කුමන ගෞරව නාමයක් දුන්නත් වටිනවා……...අපගේ සුභ පැතුම් !
එයා කොහොමත් මේ පක්ෂෙට කඩේ යන බව පෙනේ
එක කාලයක් අචාර්ය උපාධිත් ඔයවගේ දීල ආචාර්ය උපාධියත් හෑල්ලු උනා
අනේ ඉතින් මේ වෙලාවේ පරණ ලොක්කන්ට මොනවා හිතෙනවා ඇද්ද නේද?
හාමුදුරුවෝ සමාව දෙන්න ඕනේ පුරාවස්තුවලට වුණු සංහතියට. ඒත් රටට කළ නස්පැත්තියට ජනතාව සමාව දෙන්නේ නැත. පලකරනවා නම් අපි දෙන්නම්කෝ ඇට්ටි හැලෙන්න. නම්බුනාම ජනතාව ඉදිරියේ දණගහගෙන අහගෙන ඉන්නවානම්...
රටකට නායකයෝ බලෙන් බිහි කරන්න බෑ. ඒවා නම්බුනාමවලින් ගන්නත් බෑ. එහෙම වුණාම වෙන්නේ රටක් විනාශ වෙන එක... මහින්දට දීලා රට විනාශ වුණා. ඔය හොර සපුමල් වගේ උන් කරන්නෙත් ඒක. කඩේ යන එක...
ඔය ගමන ඔහොමම යන්න. පේඩ් පයිපර් කියන නලා කාරයා පිටුපස ගිය මීයෝ රැල වගේ අපි ඔබ පිටුපස එන්නම්. ඇවිත් මීයන්ට වූ ඉරණම අත් කරගන්නම්.
සර් ජෝන් ලොක්කාට තාර මතක් වෙනවා ඇති..
ඔවුනොවුන්ගේ පැවැත්ම සඳහා දූෂිත දේශපාලකයින්ට දූෂිත ශාසනයකුත්, දූෂිත ශාසනයකට දූෂිත දේශපාලකයිනුත් අවශ්‍යයි. කොහොඹ ගහට, කරවිල වැල ගියා වගෙයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත වසරක මෙවැනි ආගමික නම්බුනාම ප්‍රදානයන් දේශපාලනිකව හැදෑරීම යථාර්තවාදීය.