(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා සහ සුමතිපාල දියගහගේ)
අහංගම, කතලුව කබලාන දුම්රිය හරස් මගේදී කොළඹ සිට මාතර බලා ගමන් ගත් සාගරිකා දුම්රියේ ගැටී 22 හැවිරිදි තරුණයෙකු අද (22) දින රාත්‍රියේ මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ටිකිරි හැන්නදිගේ හේශාන් හර්ෂණ නැමැත්තෙකි. ඔහුගේ පියා ගාල්ල අධිකරණයේ නිතිඥවරයෙකි.
දුම්රිය ගමන් කරන විට මියගිය තැනැත්තා යතුරුපැදියකින් කබලාන පාරේ පැමිණ ඇති අතර දුම්රිය එම ස්ථානයෙන් පිටත් වීමට කලින් දුම්රිය මාර්ගයට පිවිසීම හේතුවෙන් ගමන්ගත් දුම්රියේ අවසන් මැදිරියේ මියගිය අය ගැටී ඇති බව ද මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය කියයි.
අහංගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සාගරිකා දුම්රියේ හැපි තරුණයෙක් මියයයි