IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරයි - සංශෝධන එකතු කරන්න යයි

තරිඳු ජයවර්ධන


 
එකවර සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ස්වදේශිකයන්ට පක්ෂපාතී වන රාජ්‍යයන් දෙකටම වාසිදායක වන ආකාරයේ ගිවිසුමක් බවට සිංගප්පූරු ගිවිසුම පරිවර්තනය කර ගැනීමට කටයුතු කරන බව ද ගුණවර්ධන මහතා කීවේය.
 
ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (9) පැවැති මාධ්‍ය හමුවකදීය.

‘‘දැවැන්ත වගකීමක් බාර ඇමැතිවරයා වශයෙන් මං කල්පනා කරන්නේ නෑ යම් යම් දේ අධ්‍යයනයකින් තොරව යම් යම් දේ අහෝසි කරන එක හරියි කියලා. පැන්න ගමන් සම්පූර්ණ ගිවිසුම අහෝසි කරනවා වගේ හරක් වැඩ කරන්න යන්නේ නෑ.‘ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.



අදහස් (19)

සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරයි - සංශෝධන එකතු කරන්න යයි

SARATH SILVA Friday, 09 November 2018 09:41 AM

විපක්ෂයේ ඉන්නකොට ගිවිසුම ඉරා දමනවා කිව්වා. දැන් කියනවා ඒ වගේ හරක් වැඩ කරන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවා කවුද හරක් කියලා...

:       135       598

wijebahu Friday, 09 November 2018 09:47 AM

කියනවා වගේ කරන්නට ලෙහෙසි නැ.. නේද මහත්තයෝ?

:       135       442

jayantha Friday, 09 November 2018 09:49 AM

මේ ගිවිසුම ගැන කෑගැහුවේ අධ්‍යයනයක් නොකරද? බෙරිහන් දුන්නේ නම් අාපු ගමන් අහෝසි කරනවා කියලයි.

:       164       539

tommy Friday, 09 November 2018 09:54 AM

ඒ කියන්නේ ඔය ගිවිසුම දෙරටටම යහපත් කියන එක නේද?

:       55       210

athura Friday, 09 November 2018 10:05 AM

ඉතින් මහත්තයෝ විපක්ෂේ ඉන්නකොට කිව්වේ අහෝසි කරනවා කියලනේ...

:       91       349

sirimal Friday, 09 November 2018 10:09 AM

එතකොට එ් කාලේ මෙන්න රට සිංගප්පුරුවට විකුණන්න යනවෝ... කියලා යටිගිරියෙන් කෑ ගැහුවේ "යහපාලන රජය කරන ඕනෑම දෙයකින් රටට හොඳ වුනත්, නරක වුනත් ඒවා ගැන විරුද්ධ වෙලා මොර දෙන්න ඕනෑ" කියන සිද්ධාන්තයේ ඉඳගෙනද? අනේ මහත්තයෝ ඔය වගේ කටයුතු කරන්නේ රෙද්දකුත් ඇඳගෙනද? ඔන්න ඔයාලගේ වෙල්ගම මහත්තය දීලා අදිනවා ලුණු ඇඹුල් ඇතුව. පොඩ්ඩක් අහලා බලන්න.

:       551       842

දිමුත් Friday, 09 November 2018 10:17 AM

අහෝසි කරනවා කියලනේ කිව්වේ...

:       101       197

BamunuarachchiSaturday, 10 November 2018 08:41 AM

ඒ ගිවිසුම අහෝසිකොරන්න බැරිඑකක් නමුත් සංසෝදන දාන්න පුළුවන්

:       0       0

chandana Friday, 09 November 2018 10:19 AM

ඒ කියන්නේ මෙච්චර කල් කෑ ගැහුවේ ඕක අධ්‍යයනය නොකරද?

:       0       0

fah Friday, 09 November 2018 10:26 AM

කියනවා වගේ කරන්නට ලෙහෙසි නැ..

:       37       87

dias Friday, 09 November 2018 10:26 AM

ඔය සිංගප්පූරු ගිවිසුම ගැන එදා කතා කළේ කොහොමද දන්නේ නැහැ. දැන් කතා කරන්නේ කොහෙන්ද?

:       139       211

Ns Friday, 09 November 2018 10:29 AM

උඹලා හැමදාම කළේ රනිල්ලා රටට ගෙනා ආයෝජන දරුණු ලෙස විවේචනය කරලා ජනතාවට වැරැදි ආකල්ප ඔබ්බවලා රට කාපු එකයි. කියපු දේවල් දැන් අමතකද?

:       338       1020

weerakoonFriday, 09 November 2018 12:02 PM

ජී.එම්.ඕ එක දැන් මොනවද කියන්නේ...?

:       0       0

කරුණාපාල Friday, 09 November 2018 10:40 AM

කොහොමත් බුරන බල්ලෝ සද්දෙට බුරන තරමටම හපන්නේ නැති බව අපි නම් දැනගෙන ගොඩක් කල්...

:       0       0

විජිත් Friday, 09 November 2018 11:31 AM

දැන් රටේ ජනතාවට හොඳින්ම පෙනෙනවා මේ පුද්ගලයාගේ කපටිකම සහ දිව දෙකේ කතා ගැන... තවමත් හරියට රජයක් පිහිටුවා නැති අවස්ථාවක මෙයා මෙහෙම නම්, ස්ථාවර රජයක් පිහිට වූ අවස්ථාවක මෙයා ඇමතිකෙනෙක් වුනොත් කොහොම හිටීවිද...? ඉතින් දැනට අපිට මොනවත් කරන්න බැහැ. නමුත් ඡන්දයක් පවත්වනවිට මෙයාගේ ප්‍රදේශයේ ජනතාවට පුළුවනි. තම " ඡන්දයෙන් " මේ වැනි දෙපිටකාට්ටුවන් සදහටම දේශපාලනයෙන් ඈත්කර තබා අවංක, උගත්, බුද්ධිමත්, පිරිසිදු (ඒ කියන්නේ වෘත්තියෙන් දඬුවම් ලබා නොමැති, පොලිසියේ නම ලියවී නැති, අවංක සමාජ සේවකයින්) පුද්ගලයෙක් තම ප්‍රදේශයේ නියෝජිතයා ලෙස පත්කර ගන්නට... ඒ හැඟීම අපේ රටේ පොදු ජනතාවට ඇතිවන තෙක්ම මේ ජරා ජීර්ණ හොර තක්කඩි දේශපාලකයින් අපේ රට කා දමමින් සිටීවි...

:       0       0

chutte Friday, 09 November 2018 02:41 PM

මේ ටික ආයෙත් ඡන්දෙට අවුරුද්දකට විතර ආ එක හොඳයි.. ගොඩක් අයට ඒ කාලේ හැටි දැන් අමතක වෙලා තියෙන්නේ... ආයෙත් මතක් කරගෙනම ඊලග ඡන්දෙට යමු

:       1       35

Janaka Friday, 09 November 2018 03:53 PM

මේ අය කිව්වේ ඒක වැරදි ගිවිසුමක් කියලා දැන් ඒක හොද වෙලාද

:       1       38

Udaya Saturday, 10 November 2018 02:37 AM

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ භාෂා 3 ආණ්ඩුක්‍රම වියවස්තව තියේ . කරුණාකර අරන් කියවන්න. කවදාවත් අපිව අන්දන්න ඉඩ දෙන්න එපා.

:       0       0

isurandi Saturday, 10 November 2018 09:20 AM

මේවා රට්ටු හිනස්සන කතා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site