IMG-LOGO

සෞඛ්‍ය අධ්‍යක්ෂගේ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළින් ප්‍රතිශක්තීකරණය ලබා ගත් අයගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සදහන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි නන්ද සුලෝචන පෙරේරා මහතා විසින් ගොනුකරලු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ඇතු`ථ පිරිසක් නම් කරනු ලැබ තිබේ.

තමන් මිගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වන අතර, තමන්ට වැළැදෙන රෝග සදහා දේශීය ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරන්නෙකු බවත්, කොව්ඩ් 19 රෝගය පැතිර ගිය මුල් අවස්ථාවේ සිට දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිත කළ බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද කොවිඩ් 19 රෝගය සදහා දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති වැදගත්කම පිළිබදව ජනතාව දැනුවත් කළ අතර, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පස්පංගුව, යකිනාරන් කැද ආදිය කොවිඩි රෝගය සදහා භාවිතා කළ බවත් ඉන් විශාල පිරිසක් සුවය ලැබූ බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර තිබේ.

මේ අතර, 2264/9 දරන ගැසට් නිවේදනය මගින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 03 ලබාගත් අයට පමණක් පොදු ස්ථානවලට යා හැකි වන පරිදි රෙගුලාසියක් ඉදිරිපත් කර ඇති බවත්, මෙමගින් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ප්‍රතිශක්තීකරණය ලබාගත් අයවලුන්ට අසාධාරණයක් වන අතර මෙම තත්ත්වය තුළින් පෙත්සම්කරුගේත් ජනතාවගේත් මුලික අයිතිවාසිකම් කඩ වන බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර තිබේ.

එබැවින් මෙම පෙත්සම විභාගය ගැනීමට අවසර ලබා දී, එමගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

අදාළ ගැසට් පත්‍රයට දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් කොවිඩ් මර්දනය සදහා ප්‍රතිශක්තීකරණය ලබාගත් අය ද ඇතුළත් කිරීමට නියෝග කර එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ස පෙත්සම්කරු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

සෞඛ්‍ය අධ්‍යක්ෂගේ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site