(අජන්ත රත්නායක)
මව්වරුන් පිරිසකට වඳ සැත්කම් කළේ යැයි චෝදනා කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව, වෛද්‍ය ෂාෆි සහබ්ඩීන් මහතාට එරෙහිව චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් ඔහු අදාළ නඩුවෙන් නිදහස් කරන්නැයි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී මව්වරුන් පිරිසකට බලහත්කාරයෙන් වඳ සැත්කම් කළේයැයි කියන සිදුවීමට අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම ප්‍රතික්ෂේප කළේ,
විත්තිකාර ශාෆි සහබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අවසන් නම් සහ විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉල්ලීමක් කර තිබිණි.
විත්තිකාර ෂාෆි සහබ්දීන් මහතා වෙනුවෙන් නැවත ඉල්ලීමක් කළ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ,විත්තිකාර වෛද්‍යවරයාට සති දෙකක කාලයක් සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.
එහිදී ඊට එරෙහිව කරුණු දැක්වූ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක අබේවික්‍රම මහතා අදාළ ඉල්ලීම පිළිබඳව සතියක් තුළ ලිඛිත කරුණු දැක්වීමක් සිදුකරන බවට අධිකරණය හමුවේ පැවසීය. නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට නියමිතය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ෂාෆිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Bamunuarachchi Thursday, 10 March 2022 10:15 AM
කෝ මෙයාට හුරේ දාපු සිංහල ගොයියෝටික?