IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ෂෙනගන් වීසා අයදුම් කිරීමේදී ලාංකිකයන්ට යූරෝ 80 ක් ගෙවීමට සිදුවේ

යුරෝපයේ රටවල් 26 කින් සමන්විත ‘ෂෙනගන් කලාපයේ’ රටවල් සඳහා වීසා සඳහා අයඳුම් කිරීමේදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට යූරෝ 80ක් (ආසන්න වශයෙන් රුපියල් 16,000ක්) ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

‘ෂෙනගන් වීසා’ සඳහා ශ්‍රී ලංකා පුරවැසියන් මීට පෙර යූරෝ 60ක මුදලක් ගෙවූ අතර නව නීති අනුව එය යූරෝ 20කින් යූරෝ 80ක් දක්වා ඉහළ නංවා ඇත.

දරුවන්ට වීසා ලබාදීම සඳහා මීට පෙර යූරෝ 35ක මුදලක් අය කළ අතර එය යූරෝ 40ක් දක්වා ඉහළ නංවා තිබේ.  

ලබන වසරේ පෙබරවාරි මාසයේ 2 වැනිදා සිට වීසා සඳහා අයඳුම් කරන ක්‍රියාවලියේදී ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ද විවිධ වෙනස්කම් සිදු කර ඇතැයි වාර්තා වේ.

2019 වසරේ ජූනි මාසයේදී යුරෝපා සංගම් කවුන්සිලය ෂෙනගන් වීසා නීති සංග්‍රහය යාවත්කාලීන කරන ලද අතර එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාවේ තිබෙන ෂෙනගන් කලාපයට අයත් රටවල තානාපති කාර්යාල ඇතුළු විදේශවල තිබෙන එම කලාපයට අයත් රටවල තානාපති කාර්යාල නව නීති ක්‍රියාත්මක කළ යුතුව ඇත.
 
අදාළ නව නීති ලබන වසරේ පෙබරවාරි 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව නීතිවලට ශ්‍රී ලාංකිකයන්ට සිය සංචාරයට මාස හයකට පෙර වීසා සඳහා අයඳුම්පත්‍රයක් යොමු කළ හැකියාව ද ලැබී ඇත. මීට පෙර එම කාලය මාස තුනක් විය.

ශ්‍රී ලංකාවේ ෂෙනගන් තානාපති කාර්යාල නොමැති අවස්ථාවලදී බාහිර සේවා සපයන්නන් සමඟ එක්ව වීසා අයඳුම් කිරීමේ හැකියාව ද ඇතැයි ෂෙනගන් වීසා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියේ සඳහන් වේ.  බාහිර සේවා සපයන පාර්ශවවලට සේවා සඳහා ගාස්තුවක් අය කිරීමට අවසරය ලබා දී තිබෙන අතර එහෙත් එම මුදල වීසා ගාස්තුවලට වඩා වැඩි නොවිය යුතුය.
ඒ අනුව බාහිර වීසා සේවා සපයන්නකු හරහා වීසා අයඳුම් කරන්නේ නම් ශ්‍රී ලාංකිකයකුට යූරෝ 160ක (රුපියල් 32,000කට ආසන්න මුදලක්) මුදලක් ගෙවීමට සිදුවනු ඇත. එසේ වන්නේ අදාළ සේවා සපයන්නා සේවා සඳහා අවසරය හිමි උපරිම මුදල වන යූරෝ 80ක මුදලක් අය කළහොත් පමණි.

ෂෙනගන් වීසා තොරතුරු වෙබ් අඩවියේ සංඛ්‍යා දත්තවලට අනුව 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ෂෙනගන් තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල හරහා වීසා අයඳුම්පත් 36,449ක් ඉදිරිපත්ව තිබෙන අතර ඉන් 7,302ක් ප්‍රතික්ෂේප වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20ක් යැයි ද වාර්තා වේ.

ෂෙනගන් කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවෙන් වැඩිම වීසා අයඳුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ ප්‍රංශයට වන අතර ඉදිරිපත් වී ඇති අයඳුම්පත් සංඛ්‍යාව 13,236කි.
 
ස්විට්සර්ලන්තයට වීසා 8,503ක් සහ ජර්මනියට වීසා අයඳුම්පත් 7,912ක් ඉදිරිපත් වී තිබේ.

යුරෝපය සඳහා වීසා අයඳුම්පත් යොමු කිරීමේදී ශ්‍රී ලාංකිකයන් 2018 වසරේදී යූරෝ 2,186,940ක් ( ආසන්න වශයෙන් රුපියල් කෝටි 43ක මුදලක්)  වියදම් කර ඇත. ප්‍රතික්ෂේප වූ වීසා අයඳුම්පත් සඳහා කරන ලද වියදම්වල වටිනාකම යූරෝ 438,120ක් (රුපියල් කෝටි 8.7ක්) බව ද වාර්තා වේ.

ඬේලි එෆ්.ටී. ඇසුරිනි
 
055

 



අදහස් (1)

ෂෙනගන් වීසා අයදුම් කිරීමේදී ලාංකිකයන්ට යූරෝ 80 ක් ගෙවීමට සිදුවේ

de silva Wednesday, 25 December 2019 06:19 AM

ඔය රටවල සංචාරය සදහා යන්නේ නැති බැරි මිනිස්සු නොවේනේ ? ඔවුන්ට යුරෝ 20 එච්චර ප්‍රශ්නයක් නොවේ. එම රටවල බනිස් එකක් කාලා කෝපි එකක් බිව්වත් යුරෝ 10 රුපියල් 2000 විතර මුදලක් ගෙවන්න වෙනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30539 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12547 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 790 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site