IMG-LOGO

ශෂී වීරවංශගේ නඩු දෙකේ තීන්දුව මැයි 06 ට කල්යයි

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි තීන්දුව ලබන මැයි මස 06 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද  (11) නියෝග කළේය .

මෙම නඩුවට අදාළව නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් මෙම නඩුවේ තීන්දුව ලබාදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා විසින් එලෙස කල් තබනු ලැබීය .

ඒ අනුව මෙම නඩුවේ තීන්දුව පුරෝගාමී විනිසුරුවරයා පැමිණ  ලබාදීමට නියමිතව ඇතැයි ද අධිකරණයේදී කරුණු වාර්තා විය .

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටින අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (11) අධිකරණ හමුවේ පෙනී සිටියා ය

මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි වසර 07ක් පුරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය.  

වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් චූදිතට එරෙහිව එලෙස නඩු පවරනු ලැබීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (0)

ශෂී වීරවංශගේ නඩු දෙකේ තීන්දුව මැයි 06 ට කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 602 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site