IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශලීල මුණසිංහගේ විදෙස් ගමන් තහනම ඉවත්කිරීම ප්‍රතික්ෂේප වෙයි

(නිමන්ති රණසිංහ)

 

නිව්යෝර්ක් නුවර පිහිටි සිටි බැංකු මූලස්ථානයේ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුලූ වී ඇමරිකානු ඩොලර් මිලියන 2.104 ක (රුපියල් කෝටි 32කට ආසන්න) මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියේ සැකකාර ශලීල මුණසිංහ යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (21) ප‍්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධියේ සැකකාර ශලීල මුණසිංහ යන අය මෙරට පුරවැසිභාවය හිමි පුද්ගලයකු නොවන බැවින් ඔහුගේ එම ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බවට සදහන් කළ මහෙස්ත‍්‍රාත්වරයා පුරෝගාමී විනිසුරුතුමිය ද එවැනි ඉල්ලීමකට ඉඩ ලබා දී නැතැයි ද සදහන් කරමින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධියේ සැකකරුවන් වූයේ ෆෙයාවේල් එපාර්ට්මන්ට්, බුත්ගමුව පාර, රාජගිරිය පදිංචි ජනක චමින්ද නම්මුණී, අංක 441/12 බී, 6 වන පටුමග, ඇතුලූකෝට්ටේ ලිපිනැති ශලීල මුණසිංහ යන අයවලූන් ඇතුලූ සිව් දෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති සුගත් අමරසිංහ මහතා වෙත පැමිණිලි කර තිබුණේ ලංකා බැංකුවේ පුද්ගලික බැංකු සේවා අංශයේ කළමණාකරු ජගත් අනුරසිරි කුරුප්පු මහතා විසින් ඉකුත් 2017 අගෝස්තු මස 06 වැනිදාය.



අදහස් (0)

ශලීල මුණසිංහගේ විදෙස් ගමන් තහනම ඉවත්කිරීම ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site