IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


“ශ්‍රී.ල.නි.ප ය තාමත් පැරණි මානසිකත්වයේ’’

(ඩයනා උදයංගනී)

මීට පෙර මෙරට පැවති බොහෝ සන්ධානවල ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වුවත් වර්තමානයේ එසේ නොවන බව එහි ඇතැම් මන්ත්‍රීවරුන්ට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය.

මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ඔවුන් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කී ප්‍රධාන ලේකම්වරයා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් තවමත් ඉන්නේ ප්‍රධාන පක්‍ෂය තමන් බවට වන අතීත මානසිකත්වයේ යැයි ච සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රජය තුළ යම් යම් ගැටලු මතුව ඇත්තේ ඔවුන් ප්‍රධාන පක්‍ෂයක් වටා සන්ධානගත වූ පක්‍ෂයක් බව අමතක කිරීම නිසා යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අතීත සන්ධාන තුළ ශ්‍රී.ල.නි.පයට තිබූ බලය වැඩි නමුත් වර්තමානයේ තත්වය වෙනස් නිසා තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී පොදුජන පෙරමුණේ අදහස්වලට අනුකූලතාවක් දැක්වීමට ඔවුන්ට සිදුවන බවද කාරියවසම් මහතා කීවේය.

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී.ල.නි.ප ය ජනපතිවරයා හමුවූයේ ආණ්ඩුව තුළ අර්බුදයක් නිසාදැයි මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් නොව විපක්‍ෂයේ පක්‍ෂවලටත් ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ශ්‍රී.ල.නි.පයේ බහුතරයක් නැතත් සුළුතරයක් රජය කෙනෙහිලිකම් කරන බවට මතයක ඉන්නවා. එක ඇමතිවරයෙක් ඔහුට විහිළු ඇමතිකමක් ලැබුණු බව කීවා. මෙවැනි කීප දෙනෙක් ඒ පක්‍ෂයේ ඉන්නවා.

ඒත් බහුතරය් ඒ මතයේ නොවීම ගැන සතුටු වෙනවා. මේ සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ඔවුන් නොවන බව ඒ අයට අමතක වෙලා. දේශපාලන පරිණතභාවයක් ඇති නායකයන් එය තේරුම් ගත්තත් තේරුම් නොගත් අය විවිධ කතා කියනවා. මේ තත්වය විසඳාගෙන සුබවාදී ලෙස ඉදිරියට යන්න හැකිවේ යැයි අපි විශ්වාස කරනවා. ඔවුන්ට මත දැරීමේ හැකියාව තිබෙනවා. සියලු පක්‍ෂ තම මතය පවසද්දී අපිත් අපේ මතය ප්‍රකාශ කරනවා.”

 



අදහස් (3)

“ශ්‍රී.ල.නි.ප ය තාමත් පැරණි මානසිකත්වයේ’’

මුණසිංහ Monday, 26 July 2021 05:00 PM

මෙයා නම් මීට පස්සේ නිකමටවත් පාර්ලිමේන්තු එවන්න එපා...

:       0       209

Kule Monday, 26 July 2021 05:10 PM

මහත්තයෝ ඔබ අද ඔතන ඉන්නෙත් ඔබගේ පියාණෝ ශ්‍රීලංකා නි. පක්ෂයේ නිසා...

:       0       225

සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 July 2021 05:23 PM

ශ්‍රී ලනිපයේ අරගල කොට කඩාගෙන ගිය අය නිසා එම පක්ෂයේ සිටි අනෙකුත් පිරිස් ඇද වැටුනේ එසේ මෙසේ කරදරයකට නෙමෙයි. කඩාගෙන ගිය අය තවත් පක්ෂයක් හා එක්වී රජයක් පිහිටුවා, තනතුරු හා බොහෝ දේ ලබමින් පිනායමින් සිටියදී, සියලු කරදර හිරිහැර මැද, ඉතා දුකසේ පොහොට්ටුව පිහිටුවා ගත් හැටි මතකයි. ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයක් තිබූ ශ්‍රීලනිපය කල්යල් බලා නැවතත් පොහෝට්ටුවේ එල්ලුනේය. දැන් හරියට කතාව හා ක්‍රියාව ඒ අය නිසා පොහොට්ටුව දිනුවා වගේය. අප දේශපාලන කාටත්, ආවඩන්නේ නැති වුවත්, මේ දේවල් නොකියා නොහැක්කේය....

:       838       308

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site