(ඩයනා උදයංගනී)
ලොව ඉහළම නවීන සෞඛ්‍ය තාක්ෂණික පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන බව ජර්මානු තානාපති හොල්ගර් සෙවුබර්ට් මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ පැවසීය.
එවැනි ආයෝජකයන් මේ වන විටත් ඖෂධ නිෂ්පාදනය ඇතුළු මෙරට ආයෝජන සඳහා ක්‍රියාත්මකව ඇති බවත් එය තවදුරටත් පුළුල් වශයෙන් කෙරෙන්නේ නම් අතිශය වැදගත් බවත් තානාපතිවරයා සඳහන් කළේය.
ජර්මානු තානාපතිවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා 2023 වසර වන විට වසර 70 ක් සපිරෙන බැවින් ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පදනම් කරගනිමින් පුළුල් ආයෝජන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීම කාලෝචිත බව ඔහු පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසුවේ ඉදිරි වසර කිහිපය තුළ රටට අවශ්‍ය ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර තිබෙන බවය.
2025 නොවැම්බර් මස 04
497
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2239
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනට ජර්මනිය සැරසෙයි
AJITH Friday, 05 November 2021 07:09 PM
මෙවැනි දූෂිත දේශපාලනයක් සමග ආයෝජනය කරන්නේ කවුද?
sachithFriday, 05 November 2021 10:07 PM
වෙන කවුද ඉතින්, මේ වගේම අන්ත දුෂිත සමාගම් තමා.
පැරකුම් Saturday, 06 November 2021 06:58 AM
ඔන්න නියම ගැහිල්ලකට හොද චාන්ස් එකක්…!