IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව අවදානම් කලාපයේ ඉදිරියෙන්ම

අවුරුදු 20ක් තිස්සේ රටවල් වලට බලපාන කාලගුණ තත්ත්වයන් ශ්‍රේණිගත කිරීම් අනුව  2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ  දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත.  

දීර්ඝ කාලීන දේශගගුණික අවදානම් අනුව  ශ්‍රීලංකාව සහ දකුණු ඇමෙරිකාවේ රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ රාජ්‍ය දර්ශකයේ  ඉහළ  ස්ථානවල පසුවෙයි.  

පෝලන්තයේ  කැටෝවිස් නගරයේ තිබූ  වාර්ෂික දේශගුණික සමුළුවේදී  2019 වර්ෂයේ ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය නිකුත් කරනු ලැබුවේය.
 
1998 - 2017දක්වා කාලයේ රටවල් මුහුණ දුන් දේශගුණික තත්ත්වයන් විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
 
2016 වර්ෂයේ තොරතුරු අනුව ශ්‍රී ලංකාව එම වර්ෂයේ ස්වභාවික විපත්වලින් අධි අවදානම් රටවල් අතරින් සිව්වැනි ස්ථානයට පත්ව ඇත. 
 
පුවර්ටෝ රිකෝ, ශ්‍රී ලංකාව සහ ඩොමිනිකා පොදු රාජ්‍ය වඩාත් බලපෑමට ලක්වූ රටවල් අතර වෙති.  
 
1998 සිට 2017  කාලයේ කාලගුණික සිදුවීම් 11,500  මිනිසුන්  5,26,000 වඩා මියගොස් ඇති බවත් ඩොලර් ට්‍රිලියන 3.47 ක් පමණ  පාඩුවක් සිදුවී ඇති බවත් හෙළි වී ඇත. 
  
2017 මැයි මාසයේ ශ්‍රී ලංකාවට බලපෑ  අධික නායයෑම සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් 200 පමණ මිනිස්සු මිය ගොස් ඇත. 2003 සිට ඉන්දියන් සාගර දිවයිනෙහි ඇතිවූ දරුණුතම වර්ෂාව හේතුවෙන් 200 ක් පමණ මිය ගියහ. එහිදී දිස්ත්‍රික්ක 12ක  600,000 පමණ පිරිසකට නිවාස අහිමිව අවතැන් වූහ. 
 
රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුරෙන් වැඩි හානියක් සිදු වූ අතර 20,000 කට වැඩි පිරිසක් අවතැන් විය.
 
කුණාටු, ගංවතුර, නායයාම් ආදී ආපදා තත්ත්ව පිළිබඳ  දත්ත සැළකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. 
  


(63226 )    
(ඩේලිමිරර් ඇසුරෙනි )



අදහස් (2)

ශ්‍රී ලංකාව අවදානම් කලාපයේ ඉදිරියෙන්ම

Tikka Thursday, 06 December 2018 09:42 AM

කාලගුණ තත්ත්වයට වඩා දෙශේපාලන තත්ත්වය

:       586       76

Sumith Thursday, 06 December 2018 01:47 PM

2015 2018 වෙනකන් ගහපු බදු නිසා කන්න නැතුව කියක් මැරිලා ඇද්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site