වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ආරංචි මාර්ග තුනක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර ඇත.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් විදේශ විනිමය හිඟය කළමනාකරණය කරගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි රොයිටර්ස් වාර්තා වේ දැක්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශ්රී ලංකාව අයි.එම්.එෆ් සහය ගැනිමට යයි?
ravin Saturday, 12 March 2022 08:29 AM
IMF එකට කතාකරන්න යන්නේ... මොන භාෂාවෙන්ද? එක භාෂාවක්වත් හරියට බැහැනේ...
Weerasumana Saturday, 12 March 2022 09:55 AM
බැසිල් මුදල් ඇමැති වුණේ වාසනාවට...!
Perera Saturday, 12 March 2022 12:06 PM
මාස 03ක් පාර්ලිමේන්තු ආවෙ නැත්තේ ඉංග්‍රීසි පන්ති යන්න ඇති... IMF එකේ අය එක්ක කතාකරන්න ඉගෙන ගන්න...
kamal Saturday, 12 March 2022 12:31 PM
අතමාරුවක් ගන්න පුළුවන්ද? අපේ කපුටලාටත් හරිම අමාරුයි...
Rohana Saturday, 12 March 2022 02:12 PM
අති පණ්ඩිතයින්ගේ උපදෙස් අනුව රට ආර්ථික අර්බුදය පෙනි පෙනීත් අයි.එම්.එෆ්.. වලින් අවශ්‍ය සහන ලබානොගත් නිසාත් විනිමය අනුපාත බලෙන් අල්ලාගෙන ස්ථාවර කර ගැනීමට කටයුතු කළ නිසාත් රටට මේ තරම් විශාල විනිමය අර්බුදයක් ඇතිවුණා. මේ කාර්ය මුල් අවස්ථාවේම නොකළ නිසා දැන් රෝගය ඔඩුදුවා ඇති බැවින් එසේ මුලින් කළයුතු දෑ දැන් කරන්න ගියවිට බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල ලැබේදැයි සැක සහිතයි. මුල් අවස්ථාවේම අද කළ දේ කළානම් විනිමය අනුපාතය යූ.එස්. ඩොලරය රුපියල් 230 කින් විතර නවත්වා ගන්න තිබුණා කියන එක කියන්න පුළුවන්... දැන් ඉතින් ඒකට රුපියල් 260ටත් වැඩිමිලක් ගෙවන්න වෙලා තියෙනවා...
Bamunuaarachchi Saturday, 12 March 2022 02:37 PM
ඔබතුමා අපට විශ්වාසයි...! අනාගත ජනාධිපතිතුමාට ජයවේවා...!!!
සිරිසේන Saturday, 12 March 2022 09:04 PM
අමු ගවයෙක් නේ කන්නේ පිදුරුයැ ඔබ තුමා
chandani Saturday, 12 March 2022 03:58 PM
දෙවියන්ගේ නාමයෙන් බැසිල්, නොහොත් බැරිසිල්, නොහොත් මොල හතාව නම් ඔය සාකච්ඡාවලට යවන්න එපා. මොන භාෂාවෙන්ද එහෙ ගිහින් කතාකරන්නේ..?
menna Sunday, 13 March 2022 08:34 AM
ලංකාව ගැන තියෙන විශ්වාසය අඩුයි. ගිය ආණ්ඩුවෙන් විදේශිකයෙකුට මහබැංකු අධිපතිකම දුන්නා. මේ ආණ්ඩුවේ මුදල් ඇමති ද්විත්ව පුරවැසියෙක්. ලැබෙන ණය යොදවන ආකාරය පිළිබඳ ගැටළුවක් තියෙනවා. මුදල් ඇමැතිකම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. හෝ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා විවේක ගෙන අගමැතිකම සහ මුදල් ඇමතිකම දෙකම මෛත්‍රිපාල සිරිසේන මහතාට දුන්නොත් හොඳයි කියලා හිතෙනවා.