IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලංකාවට ගෙන්වාගත යුතු බව සුමන්තිරන් කියයි

(බිඟුන් මේනක ගමගේ) 


සරණාගතභාවය මත  ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව නැවතත් මෙරටට ගෙන්වාගැනීම දෙමළ ජාතික සන්ධානයේ මතය යැයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ‘ලංකාදීප’ යට අද (5) පැවසීය.


ජාත්‍යන්තර නීතියට අනුව නැවත මව් රටට යනවාද නැද්ද යන්න සරණාගතභාවයේ සිටින්නන් තීරණය කළ යුතු යැයි ද ඔවුන්ට පුරවැසිභාවය දෙනවාද නැද්ද යන්න ඉන්දීය රජය තීරණය කළ යුතු යැයි ද සුමන්තිරන් මහතා අවධාරණය කර කීය. 


සුමන්තිරන් මහතා මෙම අදහස පළ කළේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ සම්මත කළ පුරවැසි පනත සමඟ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් නැවත මෙරටට එවිය යුතු යැයි තමිල්නාඩුවේ බී.ජේ.පී පක්ෂ ප්‍රධානියා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදීය.

  
58,000 කට අධික ශ්‍රී ලාංකික දෙමළ ජන පිරිසක් මේ වනවිට ඉන්දියාවේ වාසය කරන්නේ යැයි කී හෙතෙම ඔවුන්ට මෙරට හැරයන්නට සිදුවුණේ දෙමළ ජනයා ඉලක්ක කරගෙන ආරම්භ වූ ජාතිවාදී කෝලාහල නිසා යැයි ද පැවසීය.


ඔවුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට එන්නට කැමැත්තෙන් සිටියත් ඔවුන්ගේ ඉඩම් හා ජීවනෝපාය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.


ඉන්දියානු පාර්ලිමේන්තුවට පුරවැසි පනත ඉදිරිපත් කිරීමට පෙර සිටම මෙම ජන පිරිසේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැවැතියේ යැයි ද එනිසා මෙම පනතින් තිබූ අයිතියක් අහෝසි වීමක් සිදුව නැතැයි ද සුමන්තිරන් මහතා කීය.


ශ්‍රී ලාංකික දෙමළ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය 2010 වසරේදී ඉන්දියාවට ගොස් හිටපු අගමැති මන්මෝහන් සිං මහතා සමගත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සමඟත් සාකච්ඡා කළැයි එහි ප්‍රතිඵලයක් හැටියට එම ජන කොටසට යම් යම් සහන හිමි වී යැයි ද සුමන්තිරන් මහතා සඳහන් කළේය. 


අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවේ රැඳී සිටින මෙම පිරිසෙහි දෙවැනි හා තුන්වැනි පරම්පරා පවා බිහිව ඇතැයි ද ඉන්දියානුවන් සමඟ විවාහ වී සිටින දෙවැනි පරම්පරාවේ තරුණ පිරිස් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නැතැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලංකාවට ගෙන්වාගත යුතු බව සුමන්තිරන් කියයි

Thushara Sunday, 05 January 2020 08:22 AM

අවශ්‍යය නැහැ. එහෙමම ඉන්න දෙන්න. මොකද අවුරුදු 30 ට වැඩියෙන් ලංකාවේ නොවේනේ හිටියේ. අනෙක ඉන්දියාවේ අය එක්ක කසාද බැදලා ඉන්දියන් අය එක්ක ලංකාවේ පදිංචි වෙන්න මොකටද? එහෙම එන්නකෝ. අවශ්‍යනම් මෙහෙන් ගිය අය විතරක් මෙහෙට එන්න.

:       2       478

sena Sunday, 05 January 2020 08:27 AM

මේ මහත්තයා මොනා කිව්වත් මම නම් හිතන්නේ නැහැ කව්රුවත් එන්න කැමති වෙයි කියලා - දිනෙන් දින දියුණුවට යන නිසි දැක්මක් සහිත දේශපාලකයින් පාලනය කරන රටක පුරවැසියෙක් වෙනවාට වඩා - රටට හෙන ගැහුවත් කොමිස් කාලා මඩිය තර කර ගන්න බලන් ඉන්න කාල කන්නි දේශපාලුවන්ගේ ග්‍රහණයට යට වෙච්ච අවාසනාවන්ත රටකට එන්න කාටද උවමනා

:       360       15

ඉරාන් Sunday, 05 January 2020 10:11 AM

යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ ඉන්න අයව මුලින් ගෙන්වා ගන්නකො පුළුවන් නං.. ඊට පස්සේ බලමු හාල්මැස්සන් ගැන..

:       0       15

රවින් Sunday, 05 January 2020 10:18 AM

ඇයි මේ ඉන්දියාවේ කට්ටිය විතරක්? පහුගිය දිනවල තිබුණා නේද අර සුවිස් අක්කා ගිය අවුරුද්දේ 1400ක් විතර එහෙට යැව්වා කියලා. අනික් රටවලට කීයක් යැව්වාද? ඔය ඔක්කොටම එන්න කියන්න බැරිද? ඒවයින් ඉතින් එන සල්ලිවලින් දේශපාලුවන්ට මගුල් කා හැකියි නේද? හිවල් කථා... ඉන්දියාවට මිනිසුන් ගියේ ඇත්තෙන්ම යුද්ධයක් පැවති අවධියක මිස දැන් වගේ ආර්ථික වාසිවලට නොවන විත්තිය නොදන්නවා වගේ?

:       2       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site