(යොහාන් භාසුර)
යුක්රේනයේ යුද්ධයට මැදිව සිටි ශ්‍රී ලංකා පුරවැසියන් 27 ක් යුක්රේනය අතහැර යෑමට අවශ්‍ය නොමැති බව දැනුම්දී ඇති බව විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
යුක්රේනයේ යුද්ධය ආරම්භ වන විට ශ්‍රී ලංකා පුරවැසියන් 81 දෙනෙක් එහි සිටි බව කී අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඉන් 15 ක් එහි අධ්‍යාපන ලබන ශිෂ්‍යයන් බව ද සඳහන් කළේය.
ශිෂ්‍යන් හැර ඉතිරි 66 දෙනාගෙන් 39 ක් මේ වන විටත් යුක්රේනය අතහැර පෝලන්තය, රුමේනියාව සහ ජර්මනියට යන රටවල්වල ගොස් ඇති බවත් යුද්ධය ආරම්භයේ සිට එහි සිටි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් සොයා බැලූ බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලාංකිකයන් 1561 ක් බෙලරුසියාවේ සිටින නිසා ඔවුන් පිළිබඳව කටයුතු කිරීම රුසියාවේ තානාපති කාර්යාලයට පවරා ඇති බව කී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ එහි සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාසයක් නිවාඩු ඇති අතර බෙලරුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ දක්වා අවදානමක් නොමැති බවත්ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශ්රී ලාංකිකයන් 27 ක් යුක්රේනයෙන් එන්න බෑ කියති