IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් පුරප්පාඩු පුරවන්න ජනපතිගෙන් නිර්දේශ

(අජන්ත කුමාර අගලකඩ)

පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ නමද අභියාචනාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ නමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නම් අනුමත කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (25) රැස්වීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර නලීන් පෙරේරා මහතා අග්‍රවිනිශ්චයකාර  ධූරයට පත්වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධූරයක් පුරප්පාඩු විය.

එම පුරප්පාඩුවක් සඳහා අභියාචනාධිකරණ විනිශ්චයකාර දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

දීපාලි විජේසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කර යැවීමෙන් පුරප්පාඩු වන අභියාචනාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා මහාධිකරණ විනිශ්චයකාර සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර යවනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (4)

ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් පුරප්පාඩු පුරවන්න ජනපතිගෙන් නිර්දේශ

Mahee Wednesday, 24 October 2018 08:34 PM

අන්න හරි. පිටින් හරි නීතිපති දෙපාර්තමේන්තුවෙන් හරි ගේන්නෙ නැතුව පහළ අධිකරණවල ජ්‍යෙෂ්ඨ විනිසුවන්ගෙන් පුරප්පාඩු පිරවීම ඉතාම අගෙයි.

:       14       0

lakshitha Thursday, 25 October 2018 01:27 AM

දෙදෙනාම අධිකරණයේ ගෞරවය කෙලෙසූ විනිසුරන්. ජනාධිපතිගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය

:       0       74

Shan Thursday, 25 October 2018 06:35 AM

අධිකරණයත් කාල රටත් කනවා.

:       0       18

Asanka Thursday, 25 October 2018 08:14 AM

දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියකව සිටියදී ඇයගේ දියණියගේ විවාහ මංගල උත්සවයට අත්සන් තැබීමට ආරාධනා කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. (එය විනිසුරු සදාචාරය උල්ලංඝනය කරන්නකි) විවාහයට අත්සන් කිරීමෙන් පසු මහින්ද මහතා රුපියල් දස ලක්ෂයක කෑෂ් චෙක් පතක් මනාලිය අත තැබුවේ ය. විවාහය නිමා වීමෙන් පසු අලුත්ම අලුත් ලියාපදිංචි නොකළ බෙන්ස් රථයක් ත්‍යාගයක් ලෙස දීපාලිගේ නිවසට යැව්වේ ය.මේවා අල්ලස් ගැනීම් මිස අනෙකක් නොවේ. මේ අල්ලස් ගැනීම් සිදුවූයේ ඇය සරත් ෆොන්සේකාගේ සුදු කොඩි නඩුව විමසන අතරවාරයේ දී වීම තවත් බරපතල ය.ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ සුදුසුකම් වලින් පිරි විනිසුරුවරුන් 7 දෙනෙකු සිටියදී මහින්ද රාජපක්ෂ ඇයව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කළේය

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site