(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ 7, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ශ්‍රාවස්ති මන්දිරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා අවසර දීමට රජය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ සභික මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ.
වසර සීයක් පමණ පැරණි එම ගොඩනැගිල්ලේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය සැළැස්මට හානි නොවන පරිදි, එය ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඒ සඳහා රුපියල් කෝටි 30 ක පමණ මුදලක් වෙන් කිරීමටත් රජය තීරණය කර ඇත .
නාගරික සංවර්ධන අධිකාරියේ උපදේශකත්වය මත ,ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමට ද රජය තීරණය කර තිබේ .
පාර්ලිමේන්තුවට අයත් ශ්‍රාවස්ති මන්දිරය 1982 වසරේ දී පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව ගොඩනැගිල්ලට ගෙන යාමට පෙර ,දුර බැහැර ප්‍රදේශවල සිට පාර්ලිමේන්තු රැස්වීම් වලට එන මන්ත්‍රීවරුන්ගේ නවාතැනක් ලෙස ශාවස්ති මන්දිරය භාවිත වූ අතර ,පසුව එය රජයේ කාර්යාල සඳහා යොදාගෙන තිබිණි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රාවස්ති මන්දිරය තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට මන්ත්‍රීන්ට අවසර