අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (18) සවස 5.00ට රැස්වේ.
හදිසියේ පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය මධ්‍යම කාරක සභිකයින් වෙත ඊයේ(17) රාත්‍රියේ දැනුම් දී තිබේ.
පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මධ්‍යම කාරක සභාව අද දිනයේ කැඳවා ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd