IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රීලනිපය ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයයි

ජයන්ත සමරකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයේ ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ එය දෙවැනි බලවේගලය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (1) කොළඹ දී පැවසීය.

1956 සිට වරින්වර බලයට පැමිණි  සෑම අවස්ථාවකදීම ශ්‍රීලනිපය පෙරමුණක් ලෙස මිස තනි පක්ෂයක් ලෙස ආණ්ඩු පිහිටුවා නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

අද රටේ පළවෙනි බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා බිහිවුයේ ද රටේ පළමු බලවේගය තුළින් බවද මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් මෛත්‍රීපාල - මහින්ද අතර අද හෙටම සිදුවන බවද මන්ත්‍රිවරයා ඒ හා සන්ධානගත සියලු පක්ෂ අතර සාකච්ඡා ඒ සමඟම සිදුවන බවද කියා සිටියේය.



අදහස් (7)

ශ්‍රීලනිපය ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයයි

max Thursday, 01 August 2019 09:21 AM

එජාපය විජාතික අධිරාජ්‍යවාදී බලවේග නියෝජනය කළ දේශපාලන පක්ෂය වූ අතර ශ්‍රීලනිපය ජාතිකත්වයේ පක්ෂය විය. අවාසනාවට, 2015 වසරේදී එජාපය සමග දීග කෑම ආරම්භ කිරීමත් සමග එය අභාවයට පත් වූයේය. ජවිපෙ වැනි තුට්ටු දෙකේ පක්ෂයක තත්වයට මෙම විසල් රුක අද දැමීමේ ප්‍රධාන වගකිව යුත්තා, ශ්‍රීලනිපය ආරම්භක දිනයේදීම උපන්නා යයි කියන සිරිසේන ජනපතිවරයායි.

:       54       316

අප්පුහාමිThursday, 01 August 2019 12:43 PM

ජාතිකත්වයේ පක්ෂයේ ක්‍රියාකාරකම් නිසානේද අවුරුදු 30 කට ආසන්න කාලයක් යුද්ධයෙන් මෙරට වැසියා පීඩාවට පත්වුනේ. එදා පැය විසිහතරෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් ගමේ සිංහල දරුවන්ට සිංහල භාෂාව පමණක් ඉගෙනීමට සිදුවුනා. සිංහල පමණක් දන්නා ඔවුන් තම රටේදීත් කොන්වුනා. මේවන විටත් සිංහල දරුවන්ට පුළුවන්ව ඇත්තේ සිංහල භාෂාව පමණයි. මෙයින් බලලෝභී බඩගෝස්තර වාදීන්ට මැතිවරණ වාසි ලැබුනා. ජනතාවට අදහන පක්ෂය ගැන මිසක රටගැන කිසිම හැඟීමක් නැතිමවුනා.

:       0       0

ශ්‍රීThursday, 01 August 2019 12:48 PM

මේ රට මේ පත්වෙලා තියෙන තත්වයට 50%ක් වගකියන්න ඕනෑ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය්. ඕක විසල් රුකක් නොවේ.. වස රුකක්.

:       0       0

athuraThursday, 01 August 2019 02:38 PM

මහත්මය එතකොට චීනය අධිරාජ්‍යවාදී බලවේගයක් නෙමෙයිද.අනික ඔය අධිරාජ්‍ය විරෝධී පක්ෂේ බහුතරයකගේ ළමයි බිරින්දෑවරු ඇතුළු සියලු දෙනා ඔයකියන රටවල පුරවැසියෝ නෙමෙයිද.

:       0       0

athuraFriday, 02 August 2019 04:20 AM

විජාතික අධිරාජ්‍යවාදී බලවේග.. ඔය කියන අධිරාජ්‍යවාදී රටවල ඔය කියන පක්ෂේ කී දෙනෙක්ට පුරවැසිකම තියනවද? අනේ නිකන් යන්න මහත්මයා යන්න.

:       1       0

ලුම්බිණි Thursday, 01 August 2019 10:25 AM

එදා එක්සත් ජාතික පක්ෂය (ලංකාවේ පැරණිම පක්ෂය) තනි දේශපාලන පක්ෂයක් වශයෙන් ලංකාවේ සියලුම ජන කොටස් අතර පැතිරී තිබුණත් අද එහි ඉන්න පිරිස් එම පක්ෂය නැති කරදාලා. හරියට සිරිසේන ජනාධිපති ශ්‍රීලනිපය නැති කරලා වගේ...

:       0       0

jagath Thursday, 01 August 2019 07:08 PM

පොහොට්ටුව පිපිලා නෑ කවමදාකවත් පිපෙන්නේත් නෑ හැබැයි පරවෙන එක නියතයි ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site