IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ශ්‍රීලනිපය යටපත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දකිනවා

තරිඳු ජයවර්ධන
 
ජනවාරි අට වැනි දා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහි වූ කොටස් සමඟ එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බව හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියන්නීය.
 
ජනවාරි අට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ඒකරාශී කරගෙන වැදගත් රටක්, පිරිසිදු පාලනයක් ගොඩ නැගීම සඳහා කළ සටන ජය ගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටස් පොහොට්ටු පක්ෂයට එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීම සඳහා උත්සාහයක් දරමින් සිටින බව ද හිටපු ජනාධිපතිනිය කියන්නීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර මොනයම් හෝ පක්ෂයකට කවුරුන් ගියත්, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්නොහරින බවත්, වැටී තිබෙන පක්ෂය යළිත් වතාවක් ගොඩ නගා ජයග්‍රාහී මාවතට ගෙන ඒමට කැපවන බවත් හිටපු ජනාධිපතිනිය සඳහන් කරන්නීය.



අදහස් (17)

ශ්‍රීලනිපය යටපත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දකිනවා

Cisco Thursday, 15 November 2018 10:45 AM

ඔබ තුමිය පක්ෂෙන් ගියොත් කොහොමත් ඕක නාග සිටවන්න දෙයක් නැහැ ජයග්‍රාහී මාවතට ඉබේම එනවා.

:       260       614

Hemapala Thursday, 15 November 2018 10:47 AM

මැඩම්, දැන්ද කොහේදෝ නැගිටලා තියෙන්නේ! ශ්‍රීලනිපය දිය කර හැරියේ ඔබේ මූලිකත්වයෙන්. කණගාටුයි!

:       144       585

Samantha Thursday, 15 November 2018 10:54 AM

හැමෝම පොරකන්නේ බලය ඩැහැගන්න මිසක් එටටවත් ජනතාවටවත් ආදරේට නොවෙයි .....දැන් ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ හොඳට තියෙනවා....

:       31       313

රවින් Thursday, 15 November 2018 11:07 AM

කිඹුල් කඳුළු මොකටද?

:       1       13

Gamini Thursday, 15 November 2018 12:20 PM

2015 -01- 08 දින මහින්දව පරාජය කරන්නට විපක්ෂය සමග කල ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණය පසුපස ඔබ තුමියත් සිටි බව රටම දනී. ඒදා එම වෙනස නොවන්නට මෙදා මෙවන් ඉරනමකට රට මූණ පාන්නෙ නැත. හෙළාදැකිය යුත්තෙ ඔබ තුමියගේ එම ක්‍රියාවයි.

:       21       68

vishaka Thursday, 15 November 2018 12:30 PM

ඒක යටපත් කලොත් අර යන්තම් දිනන පක්ෂෙට අනික්පැත්තෙන් කට්ටිය දීල තුනෙන් දෙකක් හදන ගිවිසුමට මොකද වෙන්නේ?

:       1       5

sopi Thursday, 15 November 2018 01:05 PM

දැන්වත් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.. ඔයා දැන් එක්ස් පයර්...

:       0       0

සෙනෙවි Thursday, 15 November 2018 01:30 PM

මොලේ තියෙනවා ලංකාවෙ මිනිස්සුන්ට? මොලේ තියෙන මිනිස්සු පත්කරපු හරක් දැක්ක නේද අද

:       0       7

සෙනෙවි Thursday, 15 November 2018 01:30 PM

මොලේ තියෙනවා ලංකාවෙ මිනිස්සුන්ට? මොලේ තියෙන මිනිස්සු පත්කරපු හරක් දැක්ක නේද අද

:       0       0

Nihal Thursday, 15 November 2018 02:05 PM

ඇහ ලකුණින් ඔබ තුමිය හදපු පක්ෂෙට උණු දේ නම් වෙන්නේ නෑ

:       0       10

Don Thursday, 15 November 2018 03:06 PM

මහින්ද සිරිසේන තමයි එස් එල් එෆ් පී එක දියකරලා ඇරියේ දැන් රොඩු ටික විතරයි ඇත්තේ

:       0       0

Don perera Thursday, 15 November 2018 04:39 PM

පබාලා, ලංසාලා, පාර්ලිමේන්තු ගියේ ලංකාවේ මිනිසුන්ගේ මොලේ වැඩි හින්දයි. මරු කතාව..

:       0       0

Vidya Thursday, 15 November 2018 06:50 PM

නිදහස ලැබුණාට පසුව ඔබතුමියගේ පියා තමයි භේදය ඇතිවීම කලේ. දැන් නූගත්, බුද්ධියක් නැති හොරු තක්කඩියෝ පාර්ලිමේන්තුවට ගිහින් සත්තු වගේ හැසිරෙනවා

:       0       1

liyanage Friday, 16 November 2018 12:29 AM

රටේ ප්‍රශ්න විසඳන්න රජයක් තියෙනවා රජයේ ප්‍රශ්න ලංකාවේ රජයට විසඳගන්න ඉඩ දෙන්න.මේ ප්‍රශ්න තවත් අවුල් නොකර තමන් විවේක සුවයෙන් පිනක් දහමක් කරගන්න .

:       0       9

චමින්ද Friday, 16 November 2018 01:31 AM

මැතිණියනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ඉතාම සුදුස්සා වෙල්ගම මහතා බව කියන්නේ ඉතාම සතුටින්. එතුමා නායකත්වයට පත්කරන්න.ජයවේවා!!!

:       0       4

ase Friday, 16 November 2018 03:57 AM

වැදගත් පක්ෂයක අනන්‍යතාවය පවා දීමෙන් උන දේ පෙනවනේද ?? ශ්‍රී ලංකා පක්ෂයට නැගිටීමට පුළුවන් වේවා පතමි.

:       0       15

Bandula. Friday, 16 November 2018 04:25 AM

ඔය කියන පිරිසිදු පාලනය තියෙන්නේ කොහෙද ලංකාවේද? අනේ පෙරපාසල් ළදරුවන්ට වඩා බොලද අය තමා 225 පහම. අනේ තවත් ලෝකය ඉදිරියේ අපේ නිරුවත පෙන්වන්නේ නැතුව රට අස්ථාවර නොකර ගෙදර ගියානම් වටිනවා. ඔය කියන පක්ෂ පාට නැතත් කමක් නැහැ ජනතාවට හොදක් වෙනවනම්, නැතිනම් මේ හැමෝටම සාප වේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site