IMG-LOGO

ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරු අලුතින් පත් කිරීමට යයි

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සතියක් ඇතුළත අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රීලනිප මූලස්ථානය තමාට විරුද්ධව වැඩකරන ප්‍රධාන තැන බවට පත්ව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බව සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.



අදහස් (4)

ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරු අලුතින් පත් කිරීමට යයි

Nandalal DE SILVA - France Thursday, 03 January 2019 10:36 PM

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කලක සිට "සේවය" කරන්නේ හඳපානේ ඉඳගෙන බව යලිත් වරක් මේ රැස්වීමෙන් පේනවා! තමාට එරෙහි "හතුරන්" මොන ක්‍රමයකින් හෝ පන්නා දමා "එහෙයියන්" එම ස්ථානවලට ඇදගැනීමට මොහු උපන් හපනෙක් වග දැන් පැහැදිලි වෙනවා. [ශ්‍රීලනිප මූලස්ථානය....] සිය සතුරා බවට ඔහු චෝදනා කරන නිසාද බැංකොක් නිවාඩුව ගත කරන අතර එයට ඉබි යතුරු දමා වැසීමට නියෝග කරේ? බලාගෙන යනකොට මෙතුමාට හතර වටේම සතුරෝ. බොහෝවිට ඒ තමා විසින්ම හදාගන්නා සතුරන් බව ඔහුට නොතේරෙනවා විය හැක.

:       0       3

Mahee Thursday, 03 January 2019 11:22 PM

"හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත". අම්මප, ජනාධිපති තුමා ඉඳ හිට ඇත්ත දේවලුත් කියනවා.

:       5       2

wasantha Friday, 04 January 2019 05:43 AM

මෙයා නිදහස් පක්ෂය පොහොට්ටුවට විකුණා දෙන්ඩ නටනවා.

:       1       4

jaya Friday, 04 January 2019 06:02 AM

මෙතුමා පෙනී සිටින්නේ දකුණේ කවුරු වෙනුවෙන්ද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site