නාලක සංජීව දහනායක
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 12 දෙනෙකුගෙන් යුතු කමිටුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) පත් කළේය.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඞී.බී.පී.එච් දිසා බණ්ඩාර, වී.කනගසභපති, එල්.එස්.අයි ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්තම මහත්මීන් කටයුතු කරති.
ඒ අනුව ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට ලබාදිය හැකිය. එම අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් කමිටුව විසින් සති දෙකක් අතුළතදී ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව මෙම කමිටුවට අපගේ ගුවන් සේවයේ අඩුපාඩු හොඳින් හඳුනා ගැනීමට හැකි වේවා!!! දෙවනුව ගුවන් යානාවල සේවය කරන සේවක සේවිකාවන්ට ශ්‍රී ලාංකිය අනන්‍යතාවයක් වන සිනාමුසු මුහුණින් සුහදව ගුවන් මගින්ට කතා කිරීමට උගැන්වීම වඩාත්ම යෝග්‍ය වේ. විශේෂයෙන් මැදපෙරදිග සේවයට යන " අපගේම සහෝදරියන්ට" මෙම ගුවන් සේවිකාවන් කතාකරන විලාශය අප හොඳින් දැක ඇත. සරලව කියනවා නම් ගුවන් සේවිකාවන් වැඩි පිරිසක් මුහුණේ සිනහවක් වෙනුවට කුණ්ඩහට්ටි ලෙස උද්දච්ච මුහුණින් යුතුව මැදපෙරදිග සේවයට යන අපගේම සහෝදරියන්ට කතාකරන අකාරය වෙනස් විය යුතුමය. කිසිඳු ගුවන් මගියකු ණයට ගුවන්යානයේ ගමන් නොකරන බව දැනගන්න. මැදපෙරදිග ගෘහ සේවයට යන්න එම සහෝදරියක් අනේකවිධ දුක් ගැහැට විද, අතිශය දුෂ්කර සේවයක් කර අප රටට එවන ඒ " ඩොලර් සොච්චමෙන් " මෙම කමිටුව මෙන්ම ලක්වාසීන් සැවොම අද දින කුසගින්න නිවාගත්තා මෙන්ම හෙට දිනත් කුසගින්න නිවාගන්නේ එසේ දුක්විඳ එවන මුදලින් බව අමතක නොකරන්න... සුදුස්සන් සේවයට යොදවා ගන්න. අනෙක් අය පන්නා දමන්න.
නැවත යුරෝපය වෙත ගමන් අරඹා සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබා ගන්න.
අපගේ ගුවන් යානාවල මැද පෙරදිග යන ගුවන් මගින්ට ගුවන් සේවිකාවෝ කතා බහ කරන විදිහ නම් ඵතරමි හොඳ තත්ත්වයක් නැහැ. මගින්ට හොඳින් කතා බහ කරන්න ඉගැන්වීම් කල යුතුයි. ඒ අතරම ගුවන් සේවය ලාභ ලබන තෙක් බෝනස් නැවැත්විය යුතුයි. පාඩු ලබන ආයතන බෝනස් ගෙවීමෙන් කඩා බිඳ වැටේ. අතිරේක සේවක පිරිස් වන්දි ගෙවා හෝ ඉවත් කල යුතුය. ලෝකයේ කිසිම ගුවන් සේවයක් මෙසේ පාඩු ලබන්නේ නැත. ..