(ඉන්දිකා රාමනායක)
සමාව ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහල මත නැග විරෝධතාවයේ නිරත රැඳවියන් 15 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇත.
මොවුන් මහර , බූස්ස, අගුණකොළපැලැස්ස, යන බන්ධනාගාර වෙත මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩණය , ජීවිතාන්තය දක්වා සිර දඬුවම්, සහ දීර්ඝ කාලීනව සිරදඬුවම් විදින රැඳවියන් පිරිසක් ඔවුන්ට සමාව ඉල්ලා මසකට පමණ කාලයක සිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බවද ඒ මහතා කියා සිටියේය.
පාලන කටයුතු වලට බාධා කරමින් මොවුන් දිගින් දිගටම විරෝධාවේ නිරත වීම හේතුවෙන් අවට බන්ධනාගාර වලින් බන්ධනාගාර නිලධාරීන් කැඳවා මොවුන් වහළයෙන් බස්සවා තත්තවය පාලය කළ බවද හෙතෙම කීය.
බන්ධනාගාර ආඥාපනත උල්ලංඝනය කරමින් ඔවුන් එහි දේපළවලට හානි කිරීම, වෙනත් සිරකරුවන්ට හිංසන කරමින් පාලන කටයුතු බාධා කරමින් නොසන්සුන්කාර ලෙස හැසිරීම සම්බන්ධයන් මොවුන්ට එරෙහින බන්ධානාගර ආඥාපතින අනුව විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.
මෙම විමර්ශන අනුව මෙම කණ්ඩායම් වෙනත් බන්ධනාර වෙත මාරු කළ බවත්, තවත් පිරිසක් ඉදිරියේ මාරු කිරීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වහලෙට නැග්ග රැදවියන්ට මාරුවක්
Rohana Friday, 05 November 2021 06:42 PM
මරණීය දණ්ඩනයට නියම වූ දුමින්ද සිල්වාට සමාව දීම වැරදි ආදර්ශයක් දී ඇති අතර ඔවුන්ද එම අයිතිය ඉල්ලා සිටිනවා විය හැකිය.