(තිලකරත්න දිසානායක)
යක්කල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විස දුමක් ආඝ්‍රාණය වීමෙන් අද (10) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එම සේවිකාවන්ට හිසරදය , ක්ලාන්තය , වමනය , ඇග කැසීම වැනි රෝග තත්ත්වයන් ඇතිවීමෙන් මෙලෙස රෝහල් ගත කළ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
මැසි,මදුරු උවදුර මැඩලීම පිණිස එම කම්හල මගින් පෙරේදා මැසි මදුරු නාශකයක් යොදා ඇති බවත් එය ආඝ්‍රාණය වීමෙන් මෙලෙස රෝගී තත්ත්වයන් සිදුවන්නට ඇති බවටත් සැකකරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
රෝගීව රෝහල් ගත කෙරුණු පිරිස දැඩි සත්කාර ඒකකයට සහ 16 වෙනි වාට්ටුවට ඇතුළත් කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අධ්‍යක්ෂකවරයා කීය.
මෙලෙස සේවිකාවන් පිරිසක් රෝගීවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විස දුමක් ආඝ්‍රාණය වීමෙන් ඇඟලුම් සේවිකාවෝ 15 ක් රෝහලේ
surath Monday, 10 February 2020 10:33 PM
මේක විභාග කිරීම පරිසර අධිකාරියේ හා ස්වස්ථ ආයතනයේ රාජකාරියක් නොවෙයිද ?