IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘විස්ස අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්‘

(ඩයනා උදයංගනී)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දස දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, උප සභාපතිවරුන් වන අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, උප ලේකම්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, නීතීඥ සංජය ගමගේ, ආචාර්ය චමිල් ලියනගේ යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

මෙම කමිටුව මගින් ඉදිරියේදී ලබාදෙන නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අදහස් යෝජනා ඉදිරිපත් කරන බව ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එම යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කර තිබෙන කමිටුව වෙත භාරදීමට කටයුතු කරන බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.



අදහස් (10)

‘විස්ස අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්‘

Bamunuarachchi Monday, 28 September 2020 12:17 PM

මෙම ජනාධිපති හැමදාම ඉන්නවා කියා නොසිතා අපේ කරුමෙකට සජිත් ජනාධිපති වී බදියුදීන් අගමැති වුණොත් රටට වෙන දේ ගැන හිතලා ඒ සඳහා ඇති ඉඩකඩ වසා දමන්න. සුළු ජාතිකයින්ට අගමැති, ඇමැතිකම්... ජනාධිපති වීමේ අවස්ථා ව්‍යවස්ථාවෙන්ම නැවත දමන්න.

:       13       2

ranaTuesday, 29 September 2020 04:48 AM

වරදක් සේ තමන්ගෙ හෘද සාක්ෂිය ඉදිරිපත් කලා නෙ ?

:       0       0

BamunuarachchiTuesday, 29 September 2020 05:54 AM

සුළු ජාතීන්ට අගමැති ජනාධිපති ඇමතීන් වීමේ අවස්ථා ව්‍යවස්ථාවෙන් එපා දෙන්න.

:       0       0

BamunuarachchiTuesday, 29 September 2020 05:55 AM

නවතා දමන්න එපා...

:       0       0

BamunuarachchiTuesday, 29 September 2020 07:35 AM

නැවත දමන්න කියන එක කවුද කෙනෙක් දාපු එකක්.. මම කිව්වේ පත්කිරීමේ අවස්ථාව නැති කරන්න කියලා.

:       0       0

sena Monday, 28 September 2020 01:14 PM

හොයලා බලලා හොඳ නැතිනම් ඡන්දෙ නොදී ඉන්නද? එහෙම නැතිව ඇමැතිකම් වැඩිකරගන්න ඩීල් එකක් ගහගන්නද?

:       0       9

pradeepa Monday, 28 September 2020 03:25 PM

මෙයාලා මොනවා කිව්වත් ආවා... අපේ සර් සතේකට ගණන් ගන්නේ ඒ අයත් නිදහස් පක්ෂය අත උස්සනවා 20 ඔන්න බලන්නකෝ...

:       1       3

රනා Tuesday, 29 September 2020 04:53 AM

pradeepa, තේරෙන සිංහලයෙන් ලියන්න, මොනාද මේ ලියා තියෙන්නේ...

:       0       0

Rohana Tuesday, 29 September 2020 02:04 AM

බොරු සෝබන කමිටු. 20 ට අනුමැතිය දීම ශ්‍රීලනිපයට සිදුවන්නේ ඇමති තනතුරු ටික බේරගන්න නේද?

:       0       0

chandana Wednesday, 30 September 2020 06:00 PM

බමුණුආරච්චිගේ අදහස එකහෙළා පිළිගනිමි. සහරාන් විධායක ජනාධිපති වුණත් කමක් නැහැ. ගෝඨාභයට විධායක බලතල නොදී කියලා හිතන්න තරම් කුහක සුළුතරයක්ද සමාජයේ සිටින බව අවබෝධ කරගෙන ඉන්න එක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site