IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘‘වැසිය යුතු ප්‍රදේශ ක්ෂණිකව වහනවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට තිබෙන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක යයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ආසාදිතයන් වාර්තාවීම 1500 දක්වා මට්ටමට පැමිණ ඇති බවත් ඉදිරි සතිය දෙක වන විට මීට වැඩි අගයක් ගැනීමට ඉඩ ඇති බවත් යුද හමුදාපතිවරයා කීය.

ප්‍රභේදයේ තත්වය අනුව රට සැලකිය යුතු මට්ටමක පවතින්නේ යැයි කී සිල්වා මහතා මෙය තිබිය යුතු තත්ත්වයක් නොවේ යැයි ද ප්‍රකාශ කළේය.

කොවිඩ් පැතිරී ඇති ප්‍රදේශ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුම් දුන් වහාම එම ප්‍රදේශ හුදකලා කරන බවත් මේ වතාවේදී එසේ හුදකලා කරන ප්‍රදේශ කල්තියා දැනුම් දීමට හැකියාවක් නැති බවත් ඔහු පැවසුවේය .

යම්කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් එය වහාම කරන බවත් රටම වසා දැමීමට කිසිසේත් ම බලාපොරොත්තුවක් නැති බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

 



අදහස් (3)

‘‘වැසිය යුතු ප්‍රදේශ ක්ෂණිකව වහනවා‘‘

Ranjit Thursday, 29 April 2021 09:45 AM

දොස්තර කෙනෙක් සිටියදී අට පාස් කෙනෙක් ඉහළට පත්කරලා සේරම හමුදාවෙන් කරගන්න පුළුවන් කියන මානසිකත්වයෙන් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා. යුක්රේනයෙන් සංචාරකයින් ගෙන්වන එක දැන් ඉවරද? ඒ දවස්වල කීවේ කිසිම දේකට බයවෙන්න එපා. කෝවිඩ් වසංගතය අවසන් කරපු ලෝකයේ පළවෙනි රට ලංකාව කියලනේ. කෝ දැන් ඒ කතා? උත්සව සමයේ මිනිස්සුන්ට ඕනෑපදන් රැස්වෙන්න ඉඩ දෙනවා. ගමට ගිහින් දහස් ගණනක් එක ගුලියට ගාල් කරගෙන දුක කියනවා. හොර ආචාර්යවරුන්ට වගකීම් බාරදෙනවා. දැන් කරකියාගන්න දෙයක් නැතුව හතර අතේ දුව ඇවිදිනවා. හොරුන්ගේ අම්මලාගෙන් පේන අහනවා. මාර වැඩක් ලංකාවට වුනේ...

:       74       16

Ashan Thursday, 29 April 2021 10:25 AM

මහත්තයෝ මේක යුද්ධයක් නොවෙයි. කරුණාකරල වෛද්‍යවරුන්ට සවන්දෙන්න. මේක වෛද්‍යවරුන්ගේ දැනුවත් කළ යුතු දෙයක්. අනිවාර්යයෙන් රට සති හතරක් වත් වැසිය යුතුමයි.

:       50       7

sanjeeva Thursday, 29 April 2021 12:59 PM

ආණ්ඩුවේ නිරුවත එහෙම වහන්න අදහසක් නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site