(නිශාන්ත කුමාර සහ ප්‍රසන්න පද්මසිරි)
මාර්ගය ගිලාබැසීම හේතුවෙන් වසා දැමූ බදුල්ල පස්සර බිබිල මාර්ගය වෙනුවට, අම්බලම හන්දියෙන් ලුණුගල දෙසට පිවිසිය හැකි විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇතැයි ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා අද(23) පැවසීය.
බදුල්ල පස්සර හරහා බිබිල ප්‍රධාන මාර්ගයේ 19වන සැතපුම් කණුව අසළ මිල්ලබැද්ද ප්‍රදේශයේ මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ඊයේ (22) සිට මුළුමනින්ම නවතා දැමිණි. අද දිනයේදීත් එය වසා දමා ඇති අතර ජනතාවට විකල්ප ප්‍රවාහන ක්‍රම අනුගමනය කිරීමට උපදෙස් ලබාදී ඇතැයි ද ඒ මහතා කීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා මෙසේ කීය.
“බදුල්ල පස්සර හරහා බිබිල ප්‍රධාන මාර්ගයේ 19වන සැතපුම් කණුව අසල මිල්ලබැද්ද ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමක් දක්නට ලැබෙනවා. එය වර්ෂාව සමග වර්ධනය විය හැකි බැවින් වාහන ගමනාගමනය නවතා දමා තිබෙනවා.
මේ වන විට බදුල්ල දෙසින් පැමිණෙන වාහන මෙන්ම බිබිල දෙසින් පැමිණෙන වාහන ගමන් කරන්නේ මිල්ලබැද්දය දක්වා පමණයි. එම මාර්ගවල පැමිනෙන ජනතාවට ජනතාවට බස්රථවලින් මාරුවී මීටර් 300 ක පමණ දුරක් පා ගමනින් ගොස් අනෙක් පස පිහිටි බස් රථ වලට ගොඩ වී තම ගමන් බිමන් යාමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.
මීට අමතරව වාහන ගමනා ගමනාගමනය සඳහා පස්සර මඩොල්සිම මාර්ගය ඔස්සේ ගොස් අම්බලම හන්දියෙන් ලුණුගල දෙසට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් හඳුන්වා දී තිබෙනවා.එම මාර්ගයේ වාහන ගමනාගමන තත්වයට සුදුසු තත්වයක පවතිණ බැවින් බදුල්ල දෙස සිට පැමිණෙන වාහනවලට පස්සර නගරයෙන් හැරී මඩොල්සිම පිටමාරුව මාර්ගයේ ඔස්සේ අම්බලම හන්දිය තෙක් ගොස් ලුණුගල හා බිබිලට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.
එසේම අවහිර වී ඇති පස්සර පීස්ස මාර්ගයත් අද යථා තත්වයට පත් කිරීමට කටයුතු කරනවා” යැයිද කීය.



2025 දෙසැම්බර් මස 04
6
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
335
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසාදැමුණු පස්සර-බිබිල මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්