




(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ සිදුකරන ලද විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (26) පැවැත්විණි.
මෙහිදී විද්‍යාඥයින්, වෛද්‍යවරුන් ඇතුළු පර්යේෂකයන් බොහෝ පිරිසක් ඇගයීමට ලක්කෙරිණ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේරසිංහ , අමාත්‍යංශ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටි, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මාන ලාභීන්ට නමක් නැද්ද? නැත්නම් ඊට වඩා මේ අයගේම නම් දන එක හොඳයි කියලා හිතුණද? මේ මිනිස්සු හා දුක්විඳලා පහසුකම් නැතිව මුදල් නැතිව මොනවා හරි දෙයක් කළාම අඩුම නමවත් දාන්න ආයතනයේ නමත් එක්ක...
ඔතන ජනාධිපති එක්ක කසු කුසු ගාන කෙනෙක් අද එයාගේ ලොක්කට දුරකතනයෙන් කතාකරලා නොසෑහෙන්න "දෙහිකපන" හඬ පටයක් අන්තර් ජාලයට එකතු කරලා තියෙනවා දැක්කේ නැද්ද? ඒකෙ එයා කියනවා " නායකතුමා පක්ෂයේ අයට කුඩම්මාගේ සැලකිලි දක්වන අතරේ ආණ්ඩුවට පිටින් එකතුවුණු කට්ටියට සලකනවා වැඩියි. ඒ වුණාට ඒ ගොල්ලෝ දවල්ට අපි එක්ක රාත්‍රියට මහින්ද එක්ක. ඒ එක්කෙනෙක් කරපු දෙපිට කාට්ටු වැඩ නිසා තමයි අපට හොරුන්ට නිසි දඬුවම් දෙන්න බැරි වුනේ... මේ වැඩේ වෙනස් කලේ නැත්නම් දිනලා හමාරයි " කියලා. ලොක්කා මේ සේරම සාවධානව අහගෙන ඉඳලා අන්තිමේට ඉතා සන්සුන් හඬින් කියනවා "ඔය කියන හතර දෙනා එක්ක මම ඕනෑතරම් මේ ගැන කතා කරලා තියෙනවා. ඒ වුණාට කිසිම ප්‍රතිඵලයක් නෑ ඒවායින්... " කියලා..
අපි මොකවත්ම අලුත් නිපැයුම් නොකරන ජාතියක් කියලයි මම හිතුවේ. එ්ත් මේ නව සොයාගැනීම් එළිදක්වනවා අපිට පෙනෙන්නේ නැහැ. ඒකට රජයෙන් තල්ලුවක් ඕනෑමයි. නැතිනම් අර රෝද දෙකේ ට්‍රැක්ටරේ නිපදවූ රේවත විජේවර්ධන මහතාට වුණා වගේ තම නිෂ්පාදනය වෙන රටකට විකුණලා ගිය වියදම හොයාගන්න වෙනවා. අන්තිමේ එංගලන්තේ සමාගමක් රජවුණා ඒක විකුණලා... ඒක කොච්චර දුක හිතෙන තත්වයක්ද? ඔහුගේ පේටන්ට් රාශියක් අපතේ ගියා අපේ රටේ කුහක නිලධාරීන් නිසා...
අලුත් නිපැයුම් සොයාගත් ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම්...!!! ඉදිරියටත් එලෙසම නව නිපැයුම් සොයාගැනීමට ඔබ සියලුදෙනාටම හැකි වේවා...!! එලෙසම අප කැමතියි ඔබලා විසින් සොයා ගන්නා ලද නව නිපැයුම් පිළිබඳව විස්තර දැනගැනුමට. එමෙන්ම ඔබලාගේ විස්තර දැනගැනුමට කැමැත්තෙමු. "සැමදා දකින නිවට දේශපාලකයන්ගේ විස්තර නම් අපහට කිසිදු වැදගත් කමක් නැති බැවින් ඒ විස්තර කපාකොටා දමා " මෙම නව නිපැයුම් සොයාත් ඒ මහත්ම මහත්මීන්ගේ විස්තර සඳහන් වූවා නම් මොනතරම් අගේද?
නව නිපැයුම් ඕනෑ තරම් අපි හදනවා. උදාහරණයක් විදියට මම හදලා තියෙනවා වගාවන්ගේ හානි කරන වන සතුන් එලවන ක්‍රමයක්... දර වලින් ග්‍රීස් හදන්න පුළුවන් උපකරණයක්, ලොකු වාහනයක ටයර් එකක් පහසුවෙන් ගලවන්න පුළුවන් උපකරණයක්, මිනිස්සු නැතිව තණකොළ කපනා යන්ත්‍රයක්... මේවා සුළු දේවල්. අපිට එ්ත් අවාසනාවට ලංකාවේ කාටවත් මේවා දියුණු කරන්න වුවමනාවක් නැති කමයි තියෙන්නේ.. සරසවිවල මේ වගේ ව්‍යාපෘති අවුරුද්දට 400ක් 500ක් එළියට එනවා.. ඒවා අපරාදේ යටයනවා.
නව නිපැයුම් සොයාගත් ඔබ සම දැකලා...// පතනවා ඔබසැමට සුබපැතුම් හදවත පුරවාලා..// ඇත්තෙන්ම දන්නැහැ අපි ඔබ සැම ගැන කියලා..// කොහෙවත් යන බූරුවන්ගේ විස්තර පිටු පිරිලා..//
වටිනා දෙයක් පිරිනැමෙන්නේ නොවටිනා අත්දෙකකින් .