( තිළිණි ද සිල්වා )
මෙරට විශ්‍රාම වැටුප් ලබන ජනගහනය හය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇතැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවල සදහන්ව ඇත.
ඒ අනුව 2017 වසර අවසාන සංඛ්‍යාලේඛනවලට අනුව එම ප්‍රමාණය 600,867 ක්වූ අතර මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මාසය අවසානයේ දී එය 614,288 ක් දක්වා වර්ධනය වී තිබෙන බව එම දෙපාර්තමේන්තු වාර්තා වල සදහන් වේ.
මේ අතර 2017 වසර තුළ දී විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ගෙවා ඇති විශ්‍රාම වැටුප් හි සමස්ත වටිනාකම රුපියල් බිලියන 181 කි.
2018 ඔක්තෝබර් මාසය තුළ දී විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් බිලියන 15 ක් ලෙසින්ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්ව ඇත.
සමස්ත විශ්‍රාම වැටුප් ලබන ජනතාවගෙන් සියයට 21.9ක් රු. 30,000 ට වැඩි වැටුපක් ලබන බවත්, සියයට 41.1ක් රු. 20,000 ත් රු. 30,000 ත් අතර වැටුපක් ලබන බව සහ තවත් සියයට 37.1ක් ලබන වැටුප රු. 20,000 ට වඩා අඩු බවත් මෙම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව ඉහළට