(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අධික වර්ෂාව හේතුවෙන් පිරී ගිය නායන්කල්ඹ වෑ කන්දට ඉහළින් ජලය පිටාර ගැලීමත් සමඟ වැව් බේරා ගැනීමට වාන් ආසන්නයෙන් කපා දමා ජලය අඩු කිරීමට කටයුතු කළ බව ගොවීයෝ පවසති.
අක්කර 50 කට වැඩි වපසරියකින් යුත් නායන්කල්ඹ වැව පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණය කර ඇති අතර මෙම වැවේ ජලයෙන් කුඹුරු අක්කර 100 කට අධික ප්‍රමාණයක් අස්වද්දන බව ඔවුහු කියති.
පසුගිය දින ගණනාවක් නොකඩවා වැව් තුනකින් ගලා ගෙන එනු ලබන අධික ජල කද හේතුවෙන් නායන්කල්ඹ වැව පිරී ඉතිරී ගොස් තිබේ.
එම ජල කඳ වැව පිරියාමත් සමඟ වෑකන්දට උඩින් 21 දින පිටාර ගැලු බවත් ඒ හේතුවෙන් සොරොව්ව ආසන්නයෙන් මේ වන විට වෑ කන්ද කැඩී ගොස් ඇති බවත් එම ස්ථානයට වැලි කොට්ට ගසමින් කැඩී යාම වළක්වා ඇත.
ඒ සමඟම තවත් ස්ථාන කීපයකින් ජලය පිටාර ගලමින් තිබීමෙන් වාරිමාර්ග නිලධාරීන්ගේ උපදෙස් මත වැව බේරා ගැනීමට වාන් ආසන්නයෙන් වෑ කන්ද කපා වැඩි ජලය ගලා යාමට කටයුතු කරමින් ඇති බව නායන්කල්ඹ ගොවි සංවිධානයේ සභාපති ඩී.එම් .නිමල් රූපසිංහ මහතා කීය.





COMMENTS
මේ නායන්කල්ඹ ගම කොහෙද තියෙන්නේ දිස්ත්‍රික්කය මොකක්ද? ආසන්න නගරය මොකක්ද?
මේ වගේ කලපනකරිව කටයුතු කරන නිරධාරීන්ට යම්කිසි ප්‍රධානයක් දෙන්න වටිනවා. වැව් බැම්ම බිදී සිදුවෙන්න ගිය පාඩුව වලකා ගත්ත එක ඉතාමත් හොද ක්‍රියාවක්. මතක ඇතිව ඒ ක්‍රියාව කල නිලධාරියට ඉස්තුති කරන්න අති විශාල උඩවලවේ වැනි වැව් ආරක්ෂා කිරීමට මෙවැනි හදිසි අවස්ථාවකදී වාන් දමන පහත තැනක් බැම්මට නැගෙනහිරින් සාදා ඇති බව කියන්න ඕනෙ.. තණමල්විල පැත්තට යන මහපාර තනා ඇත්තෙ ඒ වාන මතින්..