සිතුම් චතුරංග
වවුනියාව කෝවිල්කුලම ප‍්‍රදේශයේ නිවසක තිබූ යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු උපකරණ තොගයක් අද (2) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
යුද හමුදා සෙබලූන් හා පොලිසිය එක්ව කෝවිල්කුලම ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක කාමරයක් තුළ සඟවා තිබූ මෙම හමුදා නිල ඇඳුම ඇතුළු අනෙකුත් උපකරණ සොයාගෙන තිබේ.
සොයාගත් භාණ්ඩ අතර ඩිජිටල් ටේප් නැමති ලේසර් කිරණ එල්ලකළ හැකි උපකරණයක්, යුද හමුදා අත්වැසුම් , සහ ආරක්ෂක අංශ භාවිතා කරන සපත්තු යුගලක් (බූට්) හා අධි වෝල්ටීයතාවයෙන් යුත් විදුලි රැහැන් තොගයක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු වසර ගණනක් බහරේන් හි සිට ඇති අතර අවස්ථා කිහිපයකදී මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු මෙම යුද හමුදා නිල ඇඳුම් ඇතුළු සොයාගත් උපකරණ හා ආරක්ෂක අංශ පළදින සපත්තු සඟවා සිටියේ කුමන අරමුණක් සඳහා ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය නොවූ බවත්ය.
සැකකරු කෝවිල්කුලම පදිංචි වයස අවුරුදු 40 පුද්ගලයකු වේ.
අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වවුනියාවේ නිවසකින් හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු උපකරණ සොයා ගනී