IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වව්නතිව් ඝාතනයට මුලින් ඇල්ලූ සැකකරු මුදා හරින්න අවසර ඉල්ලයි

තරිඳු ජයවර්ධන
 
මඩකලපුව වව්නතිව් පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයා මුදා හැරීම සඳහා රැඳවුම් නියෝග අහෝසි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පොලිස් නිලධාරීන් දෙදෙනා කපා කොටා සහ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාස්කු ඉරිදා  ප්‍රහාරය සංවිධානය කරනු ලැබූ කල්ලිය විසින්ම  බව අනාවරණය වීමත් සමඟ මෙම සැකකරු මුදා හැරීමට පොලිසිය තීරණය කර තිබේ.
 
කදිරමාතම්බි ඉරාජකුමාරන් හෙවත්   අජන්තන් නම් එම සැකකරු මුදා හැරීමට  ආරක්ෂක අමාත්‍යශයෙන් අනුමැතිය ලැබුණු පසු ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.
 
වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි අම්පාර කල්මුණේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 8624 ජී දිනේෂ්  (28) සහ ගාල්ල උඩුගම පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 82162 ඩබ්ලිව් ජී එන් අයි ප්‍රසන්න (35)  කපා කොටා සහ වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනි දා ය.
 
ඊට පෙර එම ප්‍රදේශයේ පැවැත්වීමට ගිය මහ විරු සැමරුම් උළෙලක් නැවැත්විමට පොලිසිය පියවර ගෙන තිබුණු අතර පොලිසියේ දෙදෙනා ඝාතනය සහ සැමරුම් උළෙල නැවැත්වීම අතර සම්බන්ධයක් ඇතැයි පොලිසිය මුලින් සැක කළේය.

ඒ අනුව කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ කට්සන් පාරේ පදිංචි ආර් සර්වනාඳන්  (48) නම් සැකකරු මුලින්ම අත්අඩංගුවට ගත් අතර පසුව වව්නතිව්හි කන්නන්කුඩා කරනයාකාන්තිවුහි පදිංචි   කදිරමාතම්බි ඉරාජකුමාරන් හෙවත්   අජන්තන්  අත්අඩංගුවට ගැණිනි.   

‘ඇල්ෆා නයින්’ නමින් හැඳින් වූ ඔහු එල්ටීටීඊ සමයේ නැගෙනහිර පළාතේ බුද්ධි නායකයකු ලෙස කටයුතු කර  ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
 
මෙම සැකකරුවන් දෙදෙනාටම මාස තුනක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු කිලිනොච්චියෙන් අත්අඩංගුවට ගත් සැකකරු මුදා හැරි අතර වව්නතිව් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට පසුගිය මාර්තු මාසයේදී තවත් මාස තුනක රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.
 



අදහස් (4)

වව්නතිව් ඝාතනයට මුලින් ඇල්ලූ සැකකරු මුදා හරින්න අවසර ඉල්ලයි

Nuwan Friday, 03 May 2019 03:49 PM

බලන්න මේ මිනිස්සු නිරපරාදේ හිර කරන් ඉඳලා දස වද දීලා අන්තිමට ඇත්තටම සිංහලයා එක්ක වෛරයක් ඇති වෙලා නැද්ද කියලා..

:       88       313

ravi Friday, 03 May 2019 07:23 PM

"" නිදොස් කොට .. නිදහස් කලයුතුයි "" ලැබිය යුතු වන්දි .. ගැනද ක්‍රියාකාරී වෙන්න !!! එහෙම වුනොත් පමණයි අපිට අපේ නීතියේ .. ගරුත්වය රැකගන්න හැකිවෙන්නේ .. !

:       3       53

Amila Saturday, 04 May 2019 03:13 AM

නුවන් කියන කතාව නම් සහතික ඇත්ත. සමහර පොලීසි වැඩක් කලොත් ගමකනවා. සීඅයිඩී නොවන්න ඕක යන්නෙත් අර මනුස්සයගේ පිටින්. ත්‍රස්තවාදීන් බිහිවීමට බීජ රෝපණය වෙන්නෙත් මෙහෙමයි. ඉස්සරම එල්ටීටීඊය මතුවුණු කාලයේ දෙමළ මිනිස්සු බහුතරයක් වගේ අකැමැති වුණා. නමුත් අපේ මිනිස්සුන්ගේ වැඩ නිසා ඉබේම අනිත් මිනිස්සුත් බොහෝමයක් ඒකට ඇදිලා ගියා. අදත් සමහර දේශපාලනය කරන අය බලන්නේ ඒ තත්වයම ඇතිකරන්න. වෙලාවට මිනිස්සු බොහෝමයක් මොලෙන් වැඩ කරන්නේ...

:       15       130

raviSaturday, 04 May 2019 07:36 AM

අමිල, මේකට හේතුවක් තියනවා. ඒක තමයි මේ මනුස්සයෝ, සැකකරුවන්වීම ! උදාහරණයක් කිව්ව්වොත් අපේ ගමේ ගෙවල් බිඳින හොරෙක් වශයෙන් යම් පුද්ගලයෙක් ප්‍රසිද්ධ නම් කොහේ ගෙවල් බිඳීමක් සිද්ද වුනත් මේ ගෙවල් බිඳින්නව සැකයට පත්වෙනවා. එත් සිද්දවුනේ වැරදීමක්. . . මේ වගේ දේවල් ලෝකයේ හැමතැනම සිද්ද වෙනවා.. දැන් ඉතින් අපි ඒවා හදාගෙන ඉදිරියට මුහුණ දෙමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site