ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණීම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනය කිරීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනය පෙබරවාරි මස 21 වැනිදා සිට 23 වැනි දා දක්වා ක්‍රියාත්මක වේ.
භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වැනි දා සිට 28 වැනි දා දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වළක්වාලමින් නියෝගයක් නිකුත් කෙරිණි.
ඒ අනුව ත්‍රිකුණාමලය, මහවැලි ගඟ ආශ්‍රිතව සිදු කරනු ලබන ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකාවන්හි තවත් එක් පියවරක් ත්‍රිකුණාමලය, නීලපොල ප්‍රදේශයේ සිදු කෙරිණි.
එහිදී වැලි කැණිම් කටයුතු කරනු ලබන ස්ථාන පරික්‍ෂා කරන ලදී.
මෙම ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකා වැඩසටහන තුලින් වැලි කැණිම් සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම ද, දැනට නිකුත් කර ඇති බලපත්‍ර පරික්‍ෂා කිරීමක් ද සිදු කරනු ලබන අතර, මෙම මෙහෙයුම් සඳහා වනජිවි සංරක්‍ෂණ දේපාර්තමේන්තුව, භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරින්ගේ ද සහාය හිමිව ඇත.
(28535)
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැඹුරු මුහුදෙන් වැලි පොම්පකර පිරිපහදුකර කර බෙදාහැරියා නම් මේ ප්‍රශ්න එකක්වත් නැත. කරුණාකර හැමදෙයක්ම තහනම් කිරීමට සීමා කිරීමට ඉස්සෙල්ලා විකල්ප හඳුන්වා දෙන්න. බැලුවොත් ලංකාවේ රජ්‍ය නායකයෝ දෙපල සහ ඇමතිවරු කිහිපදෙනෙක් නිතරම ඉන්නේ විදේශ සංචාර වලය. කරුණාකර එම රටවල් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙලක් නිරීක්ෂණය කර මෙහෙ ක්‍රියාත්මක කරන්න බැරිද?
මේ වැඩේට නරකද කොමිසමක් දැම්මොත්?