IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වලපනේ-මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව පෙදෙසින් වහයි


(රංජිත් රාජපක්ෂ)
 
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම්වල පිහිටි වලපනේ ප්‍රදේශයට වසින වැස්සෙන් නායයාමේ අවදානමක් මතුව ඇති නිසා වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව ඊයේ(19) දිනයේ රාත්‍රියේ සිට වසා දැමුණු බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය.
 
මාර්ගය විවෘත කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.මාර්ගය වසා දැමීම සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක් වු සහකාර අධ්‍යක්ෂකවරයා මෙසේ ද කීය.
 
"ඊයේ(19) දිනයේ වලපනේ මලපට්ටාව ප්‍රදේශයට මිලිමිටර් 75 ඉක්මවු වර්ෂාපතනයක් පතිත වෙලා තියෙනවා.2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදි නායයාමට ලක් වු මලපට්ටාව ගල්වල ප්‍රදේශයේ සක්‍රිය වු නායයෑම් තත්ත්වයක් තියෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලැබුණු නිර්දේශයට අනුව මිලිමිටර් 40 කට වඩා වර්ෂාපතනයක් පතිත වුවහොත් අවධානම් තත්ත්වයක් ලෙස තමයි අපිට දැනුම් දිලා තියෙන්නේ.එම නිසා මලපට්ටාව මාර්ගය (19) දිනයේ සිට මේ දක්වා වසා දමා තියෙනවා.
මෙම මාර්ගය භාවිතා කරන අය විකල්ප මාර්ග භාවිතා කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.වලපනේ සිට මහනුවර දක්වා ගමන් කරන අයට වලපනේ කිර්තිබණ්ඩාර පුරාණ රාජමාවත මාර්ගය භාවිතා කරන්න පුළුවන්.නුවරඑලිය සිට හගුරන්කොත දක්වා ගමන් කරන අයට මතුරට මාර්ගය ඔස්සේ ගමන් කරන්න පුළුවන්.

ප්‍රාදේශිය ලේකම්තුමා , වලපනේ පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකතුමා , මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා සමග සාකච්ඡා කරලා දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම මාර්ගය  තාවකාලිකව වසා දැමීමට තීරණය කළා.වර්ෂාපතනය පහව යන තුරු මෙම මාර්ගය වසා දමා තියෙනවා.

මාර්ගය වසා දැමීමෙන් මහජනතාව අපහසුතාවයට පත් කරන්න අපි හදන්නේ නැහැ. මහජනතාවගේ ජීවිත ආරක්ෂක කර ගන්න තමයි අපි උත්සහ කරන්නේ"යනුවෙන් පැවසීය



අදහස් (0)

වලපනේ-මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව පෙදෙසින් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site