IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


වරාය පොදු සේවක සංගමයෙන් ජනපතිට ලිපියක්

(විනීතා එම් ගමගේ)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම වළකාලමින් බලපෑම් කරන විදේශ රාජ්‍යය කුමක්දැයි රටට හෙළි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

මේ වනවිට සවිකිරීම සඳහා ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර තුන පර්යන්ත ගත කිරීම ප්‍රමාද කරමින් තිබෙන බව පෙන්වා දෙන එම සංගමය වහා මෙම ප්‍රශ්නය සඳහා මැදිහත්වීමක් සිදුකරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

එම ග්‍රැන්ටි දොඹකර මේ වනවතුරුත් පර්යන්ත ගත කරගත නොහැකි වීම නිසා ඉකුත් 20 වැනිදා සිට මේ දක්වා දිනපතා එක් දිනකට රුපියල් 90 ලක්ෂයකට ආසන්න මුදලක් බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට වරාය අධිකාරියට සිදුව ඇති බැවින් මෙකී ප්‍රශ්නයට වහා විසඳුමක් අවශ්‍යව ඇතැයි ද ඔවුන් දන්වා යවා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගැඹුරින් වැඩි විශාල නෞකා මෙහෙයවිය හැකි එකම පර්යන්තය පුද්ගලීකරණයට පිඹුරුපත් සකස් කෙරුණේ පසුගිය රජය සමයේ  බවත් මේ සම්බන්ධන්‍ මුල සිට තම සංගමය විරෝධය පළ කළ බවත් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසීය.

මේ අතර වරායේ සේවක වෘත්තීය සමිති 23 ම එක්ව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් වරාය අධිකාරිය යටතේ ඉදිරි පැය 48 දී නැගෙනහිර පර්යන්තය වැඩ ආරම්භ කළ යුතු බවත් වරායේ වෘත්තිය සමිති කියා සිටිති.

එසේ නොවුන හොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹීමට මේ වනවිට සියලු වෘත්තීය සමිති එකඟතාව පල කර ඇති බව වරාය ස්වාධීන වෘත්තීය සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා පැවැසීය.

යම් විසදුමකට පැමිණීමට දින දෙකක් කල් දෙන ලෙස වරාය පාලනාධිකාරිය වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර ඇති බැවින් තවමත් වෘත්තිය සමිති යම් ධනාත්මක විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ බංගමුවගේ මහතා එසේ වුවත් කිසිදු විදේශ රටකට නැගෙනහිර පර්යන්තය පවරා දීමට වෘත්තිය සමිති ඉඩක් නොතබන බව ද සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු  වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන මෙන් ඉල්ලා වරායේ සේවකයෝ ඉකුත් වසර පහ තිස්සේ ම අරගල කරන බව ද ඔහු කියා සිටියේය. 



අදහස් (5)

වරාය පොදු සේවක සංගමයෙන් ජනපතිට ලිපියක්

Sachin Friday, 26 June 2020 10:49 AM

ඉන්දියාවෙන් ණය ගත්තේ ඉතින් ඕක දෙන්න නේද?

:       0       23

silvaFriday, 26 June 2020 12:46 PM

ණය ගත්තේ නැහැ. ආණ්ඩුවට 51% ඉන්දියාව, ජපානයට 49% කොටස් සහිතව, සාමූහික ආයෝජනයක් සමග... ඒකාබද්ධ සමාගමක් ලෙස වැඩිදියුණු කිරීමටයි ගිවිසුම් අත්සන් කළේ.. දැන් ආණ්ඩුව කරන්නේ චීනයේ වුවමනාව මත මෙය නොකර හම්බන්තොට වැසියා යවන්නයි.

:       0       1

Palitha Friday, 26 June 2020 10:55 AM

මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට කිසිසේත්ම නොදිය යුතුයි. ඉන්දියාව සමග අපට ඉතිහාසයේ සිටම සම්බන්ධතා තිබුණද? උඩින් මිතුරු, යටින් හතුරු රටක් ලංකාවට..

:       0       52

silvaFriday, 26 June 2020 12:43 PM

චීනාට දෙමු නේද?

:       0       1

Black Friday, 26 June 2020 11:48 AM

කිසි ලෙසකින්වත් මෙය ඉන්දියානුවන්ට නොදිය යුතුයි​. රටට ආදරයක් නැති මිනිසුන්, කොන්ද පණ නැති මිනිසුන් පාලකයන් නොවිය යුතුයි​. රට විකිණීමෙන් අනාගත දරුවන්ට මොනවද ඉතිරි වෙන්නේ...? මේ ආණ්ඩුව ජනතාව පත්කරේ මේවා නවත්තන්න​...

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 770 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 909 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site