(ඩයනා උදයංගනී)
කොළඹ වරාය නගරයෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල යාබද බිම් කොටසේ සම්මන්ත‍්‍රණ හෝටලයක් සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අලුතින් ඉදිකළ කොළඹ වරාය නගරයෙහි ඉඩම් ගොඩකිරීමේ කාර්යය මේ වන විට අවසන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අනුමත සංවර්ධන ප‍්‍රධාන සැලැස්ම සහ සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව මෙම ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා වූ ජාතික නියෝජිත ආයතනයේ සහය ඇතිව එම භූමියෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල, යාබද බිම් කොටසේ සම්මන්ත‍්‍රණ හෝටලයක් සඳහා ආයෝජනය කිරීමේ විකල්පය සහිතව ප‍්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීටත්, එම යෝජනා ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයට අනුකූලව සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
මේ භුමියේ පළමු වෙන්ම භූගත වැසිකිලි, ජල, විදුලි, දුරකථන ලයින් තැනිය යුතුයි. ඉන්පසු මවුන්ට් එලිසබෙත් රෝහලටවත් වඩා දියුණු රෝහලක් ඉදිකරන්නේ නම් හොඳයි.
ඇයි මෙතන පාසල්, රෝහල් හදන්නේ?
මේක සුපිරි පැලැන්තියට පමණක් සීමා වූ ප්‍රදේශයක්. නරඔන්න යන්නත් ටිකට් ඕනෑ වේවි. රටේ අවශේෂ ජනයා මේක ගැන උදම් ඇනුවට වැඩක් නැහැ. ගාල්ල කොටුවටත් දැන් ඒ කළ උදාවීගෙන යනවා. ඒකත් මේකට දෙවැනි නැහැ.
ඔය ඇමැතිතුමන්ලාම තමයි ජනාධිපතිවරණයට කලින් කිව්වේ වරාය නගර ව්‍යාපෘතිය රටට අහිතකරයි, ඒක නවත්වනවා කියලා. මිනිස්සු විදිහට අපි හොඳටම ඇන්දිලා තියෙන්නේ.. ආයේ නම් ඔබතුමන්ලා කියන දේවල් නම් විශ්වාස කරන්නේ නැහැ.
අන්න අරහේ ඉස්කෝල වල පුටු බැංකු නැහැ. වහල තෙමෙනවා, ඉස්පිරිතාල වල ලෙඩ්ඩු ඇඳන් නැතුව බිම බුදියනවා. එව්වා බලාපල්ලා...
අරිස් කියන කතාව හරි. පළමුව කලයුත්තේ මෙම භූමිභාගය සමස්තයක් ලෙස ගෙන යටිතල පහසුකම් (infrastructure ) සැකසීම නොවේද.