IMG-LOGO

’’වරාය නගරයට යන්න සල්ලි ගෙවන්න ඕනෙ නෑ’’

(නිමන්ති රණසිංහ)

මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බවත් එහි ආයෝජනය කිරිමටත් ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමත් අවස්ථාව පවතින බවත් වරාය නගර ආර්තික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා අද (04) පැවසීය.

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා මේ බව සදහන් කළේ “වරාය නගරය සහ අනාගත ආර්ථිකය” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මුදල් විශුද්ධීකරණයට කොළඹ වරාය නගරයේ දී කිසිදු ඉඩක් නොමැති අතර, එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් එහි ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන බවත් ලේකම්වරයා සදහන් කළේය.

වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරීම් මේ වසර අවසානය වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු කිරීමේ හැකියාව ඇති බවත්, මේ වන විට මූල්‍ය කළමණාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචි කිරීම් සහ අදාළ නිති රෙගුලාසි සම්පූර්ණ කර ඇති බවත් හෙතෙම පැවසීය.

වරාය නගරය කිසිවකුගේ දේශපාලන අවශ්‍යතා සදහා ඇති භූමියක් නොවන අතර එහි එකම අරමුණ වාණීජ්‍ය සහ වෙළෙද කටයුතු පමණක් බවත්, මෙමගින් මෙරට ආර්ථිකය වෙනස් කරන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත් ඔහු සදහන් කළේය.



අදහස් (7)

’’වරාය නගරයට යන්න සල්ලි ගෙවන්න ඕනෙ නෑ’’

Pradeep Kumara Friday, 04 March 2022 10:38 PM

ඔව් ඉතිං ඒක එහෙම වෙන්න ඕනනේ... වරාය නගරය කියන්නේ අපේ රටේ කොටසක් නම් ඒකට අපේ මිනිස්සුන්ට ඇතුල් වෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනෑ...!

:       2       43

mp Saturday, 05 March 2022 04:32 AM

ඔය බම්බුවලට ආයෝජනය කරන්න තියා, බඩට ආයෝජනය කර ගන්නවත් බැරිව මිනිස්සු ඉන්නේ. කෑම ටික කෑවත් කන්න වෙන්නේ තිත්ත කරුවලේ. මිනිස්සුන්ට වධ තිස් දෙකම දීලා හමාරයි ආණ්ඩුව. වරින් විටට 'ඩිජිටල්" ගැනත් කතා කරනවා. ඔය ඉලව් අපායට ගෙනියන්න කියන්න...

:       2       7

රටවැසියා Saturday, 05 March 2022 05:17 AM

අපේ අති උතුම් නෙළුම් කුළුණ වගේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන මර්මස්ථානයක් වෙයි නේද?

:       0       5

lakvidu Saturday, 05 March 2022 07:22 AM

ඒ සල්ලි පරිප්පුවලට, සීනි වලට, ගහන බදුවලින් තමයි අයකර ගන්නේ...!

:       1       6

reks Saturday, 05 March 2022 07:23 AM

ඇතුල් වීම නොමිලේ, පිටවෙනකොට සල්ලි ගෙවන්න වෙයිද මන්දා...?

:       1       9

Ruwan Saturday, 05 March 2022 09:12 AM

මේ ඉන්නෙත් කටින් රොකට් යවන තව කෙනෙක්. වරාය සංවර්ධනය ගැන මාර දැනුමක් මෙයාට තිබුණේ ඉස්සර. ඒ වුණාට සර් මෙයාගේ කාර්යභාරය වෙනස් කරලා. රටේ තියෙන වටිනා ඉඩම් වලට දෙයියන්ගේම පිහිටයි...

:       3       14

kamal Saturday, 05 March 2022 09:14 AM

කතාව දෝලාවෙන්, ගමන පයින් තමයි.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 125 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2250 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 695 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site