(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයෙකු වායු රයිෆල් උණ්ඩ තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පානදුර වත්තල්පොල පිහිටි  නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

එම ව්‍යාපාරිකයාගේ නිවසේ සඟවා තිබූ වායු රයිෆල් උණ්ඩ 591 ක්, සු‍ඛෝපබෝගී ජිප් රථයක්,අන්සතු ගුවන් බලපත්‍ර දෙකක්,විදේශ රටවලට අයත් මුදල් තොගයක් ,එම සංවිධානයේ සාමාජික ගාස්තු ගෙවන ලද රිසිට් පත් සහ රුපියල් ලක්ෂ 19 ක් තැන්පත් කර තිබූ බැංකු පොතක් පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර ව්‍යාපාරිකයා පානදුර ප්‍රාදේශීය සභාවට මුස්ලිම් කොංග්‍රසයෙන් තරඟ කර පරාජය වූ අපේක්ෂකයෙකු බව පොලිසිය සඳහන් කරයි.