IMG-LOGO

වයඹ පළාතේ ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

වයඹ පළාතේ ඉකුත් දා සිදු වූ ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට  සම්බන්ධ සැකකරුවන් 78 දෙනෙකු  අද (15) වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.

මින් පුද්ගලයන් 62 දෙදෙනෙකු  13 සහ 14 යන දිනයන් වලදී  අත්අඩංගුවට ගෙන සිටි බවද පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන්  ලැබුණු තොරතුරු හා වීඩියෝ පට හරහා  සිදුකළ පරීක්ෂණ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම පිරිස  අතර  රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල  සේවකයන් පිරිසක් ද සිටින බවත් ඉදිරියේ දී එම ආයතන වලට මොවුන් සම්බන්ධයෙන් දැනුම් දී  මොවුන්ට එරෙහිව  ආයතන සංග‍්‍රහය යටතේ  පියවර ගැනීම ද එම ආයතනවල බලධාරීන්ට  දැනුම් දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.

වයඹ පළාතේ  ස්ථාන කිහිපයක ඇති වූ  ප‍්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එහි සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවට අමතරව  පොලිස් නිලධාරීන් 5500 ට අධික නිලධාරීන් ප‍්‍රමාණයක් රාජකාරි සඳහා යොදවා ඇති බවද  ඒ මහතා කීය.

දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වලට අයත්  රථවාහන සැරසීම සඳහා, මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා , ජාතික ආරක්ෂාව සඳහා ,පැමිණිලි විභාග කිරීම සඳහා, අධිකරණ කටයුතු  සහ අපරාධ විමර්ශන සඳහා  සිටි නිලධාරීන්  මෙලෙස වයඹ පළාතට කැඳවීමට සිදු වූ බවද රුවන් ගුණසේකර මහතා  පැවසීය.



අදහස් (1)

වයඹ පළාතේ ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත්අඩංගුවට

B Wednesday, 15 May 2019 02:16 PM

අන්තවාදීන්ට හා ජාතිවාදීන්ට උපරිම දඬුවම් ලබාදෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site