(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කිරිවත්තුඩු , පුංචි ඉරිදා පොල , හන්දිය ආසන්නයේ, දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ව්‍යාපාර දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තරුණියකට රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි .
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතළ තත්වයෙන් පසු වූ එක් කාන්තාවක් ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
ව්‍යාරික ගැටුළුවක් මෙම පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය කියයි.
.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් , කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ,තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගම්ලත් මහතාගේ මෙහෙයවීමෙන් , පො.සැ (61972) දිනේෂ් , පො.කො (97337) ඒකනායක ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ව්‍යාපාර අවුලකින් කාන්තාවකට-තරුණියකට මන්නයකින් කොටලා