IMG-LOGO

ව්‍යාජ ඩොලර් මිලියනයක නෝට්ටු තුනක් මුදලට අලෙවි කිරීමට ගිය 18 දෙනා රිමාන්ඩ්



(චමිල් රූපසිංහ)
 
වංචනික ලෙස පුද්ගලයින් රවටා ඩොලර් මිලියනයනයක් ලෙස මුද්‍රිත ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් වෙනත් පුද්ගලයකුට  මුදලට විකිණිමට  ගිය  පුද්ගලයින්  දහ අට දෙනා  ලබන 18 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
 
 මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් මහනුවර අම්පිටියේදී  අත් අඩංගුවට ගෙන  අද (13) අදිකරණයට ඉදිරිපත් කර තිබිණි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුනාමලයපුත්තලමකන්තලේඇල්පිටියකොළඹරාගමගනේමුල්ලවවුනියාවවාකරේ,හොරෙවුපතානආදි ප්‍රෙද්ශවල පදිංචි කරුවන් වන බවත් මොවුන් කල්ලි 3 කට බෙදි මෙම ජාවරමේ යෙදෙන බව පොලිස් පරික්ෂන වලදි තහවුරු වි ඇත.

 මහනුවර කොට්ඨාස දූෂණ මර්ධණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජී එම් උපතිස්ස මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදවා  එම මුදල් මුදලට ලබාගැනීම සඳහා අම්පිටිය මි කණුව හෝටලය අසලට ගොස්  ඊයේ (12) දින මෙම වංචනික පුද්ගලයින් 18 දෙනා අත් අඩංගුවට ගැනිමට හැකිව තිබේ.
 
අත් අඩංගුවට ගැනිමේදි ඇමරිකානු ඩොලර් මිලියන 1 ක් ලෙස මුද්‍රත ව්‍යාජ මුදල් නෝට්ටු  3 ක් තිබි ඇති අතර එම මුදල් වල ටැග් හා සහිතක ප්‍රත්‍රයක්ද තිබුණු බව පොලිසිය සදහන් කරයි.

මෙම කණ්ඩායම් තුනෙහි සාමාජිකයින්  හට මෙම මුදල් ලැබුණු අන්දම හා මෙම මුදල් තවත් පුද්ගලයින්ට අලෙවි  කිරිම සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු මහනුවර කොට්ඨාස දූෂණ මර්ධණ අංශයේ නිලධාරින් විසින් සිදු කරනු ලබන බවත් අත් අඩංගුවට ගත් සැකකරුවන් 18 දෙනා සහ එම මුදල් අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කළ පසු  සැකකරුවන්   ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


 මොවුන්ට මෙම මුදල් ලැබුණු අයුරු පිළිබඳව පරීක්ෂණ සිදු කෙරන බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය හා මහ බැංකුවේ සහය මේ සඳහා ලබා ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය

 

 

 

 

 

 

 



අදහස් (4)

ව්‍යාජ ඩොලර් මිලියනයක නෝට්ටු තුනක් මුදලට අලෙවි කිරීමට ගිය 18 දෙනා රිමාන්ඩ්

Upul Sunday, 13 January 2019 03:26 PM

අනේ මෙහෙමත් මෝඩයෝ ටිකක්. $1,000,000 නෝට්ටු ඇමෙරිකාවේ නැති බව දන්නේ නැත්ද? දැනට තිබෙන ලොකුම නෝට්ටුව US$100.

:       130       33

nalan Monday, 14 January 2019 12:16 AM

මේ නෝට්ටු රංගෙව ගන්නට භාවිතා කළා නම් හරි...

:       0       13

සමීර Monday, 14 January 2019 01:52 AM

ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ භාවිතා වන ඉහළම මුදල් නෝට්ටුව ඩොලර් 100... දැන් තියෙන ඩොලර් 100 භාවිතා වන්නේ 2013 වසරේ සිට. ඒ ඇරෙන්න අතීතයේ ඩොලර් 500, 1000,10000 වගේ නෝට්ටු ප්‍රින්ට් කරලා තිබ්බත්, දැන් දශක ගානක් තිස්සේ එ්වා භාවිතයේ නැහැ. සිම්බාබ්වේ කියන රටේ නම් ට්‍රිලියන 100 නෝට්ටු ප්‍රින්ට් කරලා තියෙනවා, හැබැයි ඒ රටේ තියෙන මුදලේ අගය අඩු නිසා ඒ නෝට්ටුව රුපියල් 100ක් වගේ තමයි වටිනාකම...

:       54       48

nuwan Monday, 14 January 2019 01:55 AM

ඊබේ එකේ තියෙන්නේ මේවගේ නෝට්ටු සහතිකෙත් එක්කම...

:       1       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site