(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උණ්ඩියල් ක්‍රමයට මුදල් ඩුබායි රටට බැර කිරීමේ යෙදුණු 11 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර නයිජීරියානු ජාතිකයන් සිව්දෙනෙකු, බෙලරූස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි සිව් දෙනෙකු ඒ අතර වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට ආසන්න මුදල්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 ක්, ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි 100 මිටි 25 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් විසින් එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් ලබා ගන්නා පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී ජාවාරම් වලින් උපයා ගන්නා ලද රුපියල් 5,43,000 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ව්‍යාජ ඩොලර් මුද්‍රණය කරන කඩදාසි මිටි 25 ක් සොයාගනී