IMG-LOGO

ව්‍යාජ ඔප්පු සැකසු වතුපාලක රිමාන්ඩ්

(ආනන්ද ඉ ජයකොඩි)

නිට්ටඹුව පොල්ගහ අගාරවත්තට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට එම වත්ත වංචනිකව අත්පත් කර ගෙන බුක්ති විඳිමින් සිටි බව කියන   සැකකාර වතු පාලකයෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.

ඇස් ඒ ඩී යසපාල ධනසිරි නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙුණි .

නිට්ටඹුව පොලිස් වසමට අයත් අක්කර තිස් ගණනකින් යුතු පොල්ගහ අගාර  නැමැති පොල් වත්තට ව්‍යාජ ලෙස ඔප්පුවක් සකස් කොට වංචනිකව අත් පත් කර ගෙන සිටි බව කියන සිද්ධියක් පිළිබඳව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 03 මගින් පරීක්ෂණ  පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණ.

සැකකරු කාලයක් තිස්සේ එම වත්තේ පාලකයා වශයෙන් කටයුතු කරමින් සිටින අතර තුර වත්තේ හිමි කරු කොල්ලුපිටියේදී අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් පසුව මොහු එම වත්තට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට ගෙන වංචනිකව අත්පත් කර ගෙන සිටි බවද අධිකරණයේදී අනාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 03 පොලිස් සැරයන් පෙරේරා මහතා කරුණු දක්වමින් මේ පිළිබඳව කර ගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වී නැති බව කියා සිටියේය.

නැවත කැඳවීම මේ මස 22 වනදාට කල් තැබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 03 පොලිස් සැරයන් පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙය විය.

 

 

 



අදහස් (1)

ව්‍යාජ ඔප්පු සැකසු වතුපාලක රිමාන්ඩ්

Senarath Tuesday, 09 November 2021 02:53 PM

හොරට ඔප්පුව හැදුවා විතරක් වෙන්න බහ .මොහු ඒ මිනීමැරුමටත් සම්බන්ධ ඇති

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site