(රවින්ද්‍ර ලියනගේ)
කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල දේවස්ථානය අසලදී අද (5) දහවල් වෑන් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ සිංගක්කුලිය යෝගියානේ පදිංචි සංඛ නැමැත්තෙකු බවට හඳුනා ගෙන ඇත.
හලාවත දෙස සිට කොළඹ දෙසට වැගන් ආර් වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඇත. වෙඩි වැදීමත් සමඟම වෑන් රථය නොනවත්වා කොච්චිකඩේ පොලිසියට ගොස් සිද්ධිය පවසා ඇත.
පසුව පොලිසිය විසින් තුවාලකරු මිගමුව මහ රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර ඇත. වෙඩි තැබු පිරිස පලාගොස් ඇති බවත් මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වයික්කාලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල