Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
(මනෝප්‍රිය ගුණසේකර)
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද(27) නියම කළේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හතහමාරකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී කැබිනට් රැස්වීමට සහභාගී වන බව පවසමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් නඩුව කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යනුකූල වත්කම් හා ලැබීවලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අධිචෝදනා පත්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුනේත්රාව ජයසිංහ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය. විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.
ගමගෙ Wednesday, 27 November 2019 12:19 PM
නිදොස් කොට නිදහස් කරන ලදී. ඕක කියන්න මොන මගුලටද කල් ගන්නේ? බඩුත් හමුදුරුවන්ගේ, නඩුත් හමුදුරුවන්ගේ....
Reply : 175 191
Nuwan Wednesday, 27 November 2019 12:26 PM
උත්තරේ දන්නවා.. කියන්න බයයි.. !!!
Reply : 104 52
Keppetipola Wednesday, 27 November 2019 12:41 PM
ජනාධිපති ගෝඨාභයට ලැජ්ජා කරන්නේ නැතුව පැත්තකට වෙලා හිටියොත් කාටත් හොඳයි. කරුණාකරලා ගෝඨාභය ජනපතිට සුදුසුකම් තිබෙන අයව ඇමතිකම් වලට දමන්න ඉඩ දීලා විමල්ගේ වැඩක් බලාගන්න. හොරකම් කරපු අයට දේශපාලනය තහනම් කළ යුතුයි.
Reply : 128 235
මිත්‍රපාල Wednesday, 27 November 2019 01:26 PM
මීළඟ මහ මැතිවරණයේදී මේ හොරුන්ට ඡන්දය නොදීම සඳහා සටන කරමු.
Reply : 118 246
විජිත් Wednesday, 27 November 2019 04:04 PM
වැඩක් නැහැ මල්ලි... මම මේ පාර හොඳටම දුක් වෙනවා. ඡන්දෙ දාට දින 3කට කලින්ම ලංකාවට ආවා. බොරු කියන්න ඕනෑ නැහැ. මම ඡන්දෙ දුන්නේ පල්ලෙවත්ත මහත්මයාට. ඒ රට ගැන හිතලා. නමුත් ඒ මහත්මයාට ලැබුණු ඡන්ද ගණන දැක්කහම මට අායෙත් මතක් වුණා... මේ රටේ ඉන්නේ ඉල්ලලා දුක් ගන්න මිනිස්සු. ඒ අය කවමදාකවත් සැපක් කියන්නේ කුමක්ද , නිදහස කියන්නේ කුමක්ද, ඇයි අපි අපේ රටට ආදරේ විය යුතු.. අපේ රටට මේ හිටපු දෙගොල්ලන් අවුරුදු 70 පුරාවටම කරපු විනාශය කොතරම්ද...? වගේ දේවල් දන්නේ නැහැ. නැතිනම් හිතන්න කැමති නැහැ. එහෙමත් නැතිනම් දේශපාලන ඡන්ද අපේක්ෂක "හිඟන්නන්ට‘‘ බයක් තියෙනවා. මේ ගෝත්‍රිකයින්ට නොතේරෙන එකම දෙය තමයි ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත්වෙන දූෂිතයින් කරන එකම දේ ඒ ගෝත්‍රිකයින්ගේ අනාගත දරුවන්ගේ අනාගතය නැති කිරීම බව. මේ රට එක්කෝ ප්‍රබල විප්ලවයකින්, එහෙමත් නැතිනම් හමුදා මැදිහත්වීමකින්, එහෙමත් නැතිනම් ' කුලී හේවායන් මගින් රටේ පාලකයින් සහ පාලන බලය අල්ලාගෙන රටේ සිටින සියලුම දූෂිතයින්ව පැය 24ක් තුළ නඩු අසා මරණ දණ්ඩනය දී ජනතාවට හිතැති ජනතා නායකත්වයක් පත්කර ගැනීමෙන් පමණයි... රට නගා සිටුවිය හැක්කේ...
0 31
Chathuri Wednesday, 27 November 2019 03:18 PM
මහින්ද කියලා තියෙන්නේ එයාලට කියාගන්න බැරිදේවල් මේ විමල්ට කියලා තමයි කරගන්නේ... ඒ නිසා, විමල්ට ඇමතිකම. බෝම්බ කීයක් පිපුරුවද? පාසල් සියල්ලම වසා තැබුවද? නූගත් වුණාම කවුරුත් අත කොලු වෙනවා.
Reply : 0 8
sena Wednesday, 27 November 2019 01:28 PM
මහා බැංකු හොරකමත් එක්ක බලනකොට එතුමා හොරකම් කරා කියන්නේ කොච්චර සුළු ගාණක්ද? ඒක නිසා නිදොස්කොට නිදහස් කළයුතුයි.
Reply : 2 103
Dasa P Wednesday, 27 November 2019 03:59 PM
මට නම් රුපියල් දහයක් වුණත් හොරකම හොරකමමයි. සමහර විට මට එහෙම පේන්නේ මම ඔය කියන දේශප්‍රේමියෙක් නොවෙන නිසා වෙන්නැති...
Reply : 0 5
Chathuri Wednesday, 27 November 2019 03:22 PM
මොනතරම් මාලිගා හදා ගත්තත් වැඩක් නැහැ. ඒවා යදින්නේ නැහැ කියන්නේ.
Reply : 101 8
Mahee Wednesday, 27 November 2019 04:10 PM
නඩුව විසිකරන විට ඇඟේ වදින්න පුළුවන්. අහුලා ගන්න බලාගෙන ඉන්න...
Reply : 0 1