(බිඟුන් මේනක ගමගේ)
මුදල් අමාත්‍යාංශ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව විමර්ශන නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රියාවලිය ඇනහිට ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මෙසේ ප්‍රමාද වෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා එම කොමිසම මගින් පැවැත්වූ ලිඛිත හා සම්මුඛ පරීක්ෂණවල ඉහළම ලකුණු ලබා ගත් පිරිසකගේ පත්වීම් යැයිද එම නිලධාරියා කීය.
ඒ අනුව විධිමත්ව හා විනිවිදභාවයෙන් යුතුව තනතුරුවලට බඳවා ගැනීමේ පූර්ව කටයුතු සියල්ල අවසන් කර ඇතත් මෙම ප්‍රමාදයට හේතුව වී ඇත්තේ ඊට අදාළ මුදල් වෙන් නොවීම යැයි ද ඔහු කීය .
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී දෙසීයක් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය මැයෙන් 2018 ජුනි මසදී අදාළ විභාගය සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබූ අතර 2018 ඔක්තෝම්බර් මස පැවති එම විභාගයට 10 000කට ආසන්න පිරිසක් පෙනී සිට තිබේ.
එම විභාගයෙන් සමත් වූවන් 407 දෙනකුට අදාළව ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ 2019 ජූලි 4 හා 6 වෙනි දින පවත්වා ඇති අතර එම ප්‍රතිඵල මත තෝරාගත් 200ක පිරිසකගේ නිශ්කාශන වාර්තා ලබාගැනීම 2019 දෙසැම්බර් මස සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් සිදුවිය යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක් වන දූෂණය තුරන් කිරීම ඉටුකිරීමට අත්‍යාවශ්‍ය ස්වාධීන විමර්ශන නිලධාරීන් සිටිය යුතුය. එය ඉටු නොකිරීම රජයේ දුර්වලකමකි. පළමුව දූෂණය ඉවත්කිරීම රජයක වගකීමක් වනු ඇත.