IMG-LOGO

විපක්ෂ නායකට ගෞරව නාමයක්

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමා තිබේ.

ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සවයක් අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට රාමඤ්ඤ මහා නිකායේ මූලස්තානයේදී පැවැත්විණ.

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය විපක්ෂ නායකතුමන් වෙත පිරිනමනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ,නියෝජ්‍ය ඇමතිවරයෙකු,ඇමතිවරයෙකු , සහ විපක්ෂ නායකවරයා ලෙස වර්තමානයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙතින් ඉටුවන මෙහෙවර පිළිබඳව එහිදී විශේෂ සැලකිල්ලට භාජනය කොට තිබේ.

පසුගිය රජය සමයේ ඉතා කෙටි කලක් සංස්කෘතික අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වකවානුව තුළ ආගමික සහ සංස්කෘතික වශයෙන් අතිශයින් වැදගත් වන කටයුතු රැසක් ම ඉටු කරනු ලැබීය.

සසුනට අරුණ, සිසු දහම් සෙවන, විපක්ෂයෙන් හුස්මක්, සක්වල වැනි වැඩසටහන් හරහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, විදේශීය තානාපතිවරුන් හේමා ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මදුද්මබන්ඩාර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

 



අදහස් (0)

විපක්ෂ නායකට ගෞරව නාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site