IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


වෙනිවැල්ගැට කිලෝ 700ක් හොරණ ගොඩනැගිල්ලකින් සොයාගනී


(නයනදුල සෙන්දනායක)    
               
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් වෙනිවැල්ගැට කිලෝ 700ක් ගබඩා කර තිබියදී අද(27) හොරණ අරමනාගොල්ල  ප්‍රදේශයේදී සොයාගත් බව ඉංගිරිය අඩවි වන නිලධාරීහු කියති.                                              

ඉංගිරිය අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධීව කපන ලද වෙනිවැල්ගැට කිලෝ 100ක් ප්‍රවාහනය කරමින් තිබියදී ත්‍රිරෝද රියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදි බලපත්‍ර නොමැතිව රැගෙන එන වෙනිවැල්ගැට තොග මිලදී ගන්නා ස්ථානයක් පිළිබඳව නිලධාරීන්ට අනාවරණය වී ඇත.

ඒ අනුව  හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ ස්ථානයක සිදු කළ සෝදිසියකදී  නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ වෙනිවැල්ගැට කිලෝ 700 සොයාගෙන ඇත.වෙනිවැල්ගැට තොගය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලේ හිමිකරු ද නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.                                              
                         
මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ බුලත්සිංහල ,මෝල්කාව ,කෙලින්කන්ද,බදුරලිය,කලවාන ආදී ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවල ඇති වෙනිවැල් ශාක හොර රහසේ කපන ඇතැම්  පිරිස් ඒවා මෙම ස්ථානයට අලෙවි කරන බව ය.

සැකරුවන් හෙට (28)හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (1)

වෙනිවැල්ගැට කිලෝ 700ක් හොරණ ගොඩනැගිල්ලකින් සොයාගනී

Demuni Uduwara Sunday, 27 December 2020 01:39 PM

වෙනිවැල්ගැට මුදලාලි අත් අඩංගුවට... කුඩු මුදලාලි එළියේ ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site